CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2266 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 18, 2023South Korea132 Min.
Your rating: 0
9.7 6 votes
Phantom (2023) | නිදහස වෙනුවෙන් සටන

අද අරගෙන ආවේ මේ අවුරුද්දේ මුල ආපු ගින්දර ෆිලුමක් අරන්. නම තමා Phantom. කොරියානු බසින් ගත්තොත් යුර්යොන්ග්. මේ අවුරුද්දේ ජනවාරි 18 වෙනිදා තිරගත වෙච්ච මේ ෆිලුම OTT රිලීස් වුනේ නම් මේ ළගදි. බොක්ස් ඔෆිස් වාර්තා තියලා ඩොලර් මිලියන 5.2 ක් උපයන්න Phantom සමත් වුනා. Action, Thriller, Historical, Crime කියන Genres වලට අයිති වෙන මේ ෆිලුමේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් සිදු කරලා තියෙන්නේ Tale Of The Nine Tailed 1938 (2023) සීරීස් එකේ Chief Producer සහ Believer (2018) මූවි එකේ Screenwriter & Director වෙන Lee Hae Young විසින්.

පැය දෙකයි මිනිත්තු දහතුනක් පුරාවට ගලන් යන මේ ෆිලුම මුල ඉදන් අගටම මාරම Entertaining. Top Cast LineUp එකක් ඉන්න පට්ටම වැඩක්. කාස්ට් එකේ Performance ගත්තොත් ආයේ පර්ෆෙක්ට්. විශේෂෙන්ම Park Hae Soo බොසාගේ. මන් පෞද්ගලිකවම කැමතිම නළුවෙක් තමා Park Hae Soo. ආයේ Villain චරිත ඇතුළු ඕන චරිතයක් හම්බුනාම සුපිරියටම කරන කෙනෙක් තමා Park Hae Soo කියන්නේ. මේකෙත් බොසාගේ Top Notch Villain Act එකක් බලාගන්න පුළුවන්. ආ.. Sol Kyung Gu ගැනත් නොකියම බෑ.

කොරියානු සිනමාවේ ඉන්න ලෙජන්ඩ් කෙනෙක් කියලා හදුන්වන්න පුළුවන් කෙනෙක් තමා Sol Kyung Gu කියන්නේ. කොරියන් මූවීස් බලන කෙනෙක් නම් එයා ගැන නොදැන ඉන්න විදියක් නෑනේ. ෆීමේල් ලීඩ් දෙන්නා ගැනත් විශේෂෙන්ම කියන්න ඕනෙ. Park So Dam & Lee Hanee ❤️ මේ ෆිලුමේ පට්ටම Badass Role දෙකක් මේ දෙන්නා කරන්නේ . Top Notch Performance එක්ක Awesome Cinematography & Stylish Action එකතු වුන මුල ඉදන් අගටම Entertaining වැඩක් තමා මේක.

《CAST – රංගන දායකත්වය》

Sol Kyung Gu – මුරයමා ජුන්ජි
Lee Hanee – පාක් චා ක්යුන්ග්
Park So Dam – යුරිකෝ
Park Hae Soo – තකහරා කයිටෝ
Seo Hyun Woo – චොන් යුන් හෝ

《SUMMARY – සාරාංශය》

1933 දී ජොසොනය ජපානයේ යටත් විජිතයක්. ඔය කාලේ වෙද්දි ජොසොන්වල කලබල වැඩියි. නිදහස ලබා ගැනීම වෙනුවෙන් නිදහස් ව්‍යාපාර හරියට ක්‍රියාත්මක වුනා. (මේක මන් මේ දවස්වල සබ් කරන GYEONGSEONG CREATURE සීරීස් එකේදිත් බලාගන්න පුළුවන්) ඔන්න ඔහොම නිදහස් ව්‍යාපාර සංවිධානයක් තමා සෙවණැලි බලකාය කියන්නේ. ඒ සංවිධානේ ඔත්තුකාරයින්ව හදුන්වන්නේ යුර්යොන්ග්ලා විදියට.

දවසක් ඔන්න ජොසොන්වලට නව ආණ්ඩුකාරවරයෙක් පත්වෙලා එනවා. ඉතින් පදවි ප්‍රාප්ති උත්සවයට මෙයා ග්යොන්ග්සොන්ග්වලට එනවා. ආණ්ඩුකාරවරයා ග්යොන්ග්සොන්ග්වලට එන දවසේ සෙවණැලි බලකාය විසින් ආණ්ඩුකාරවරයාව ඝාතනය කරන්න සැලැස්මක් හදනවා. ඒත් ඒ සැලැස්ම අන්තිමේදි අසාර්ථක වෙනවා.

ඉතින් මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදියට යුර්යොන්ග්ලා සේරමව මුලිනුපුටා දැමීමේ මෙහෙයුමක් ජපන් අධිරාජ්‍ය හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙන්න මේ මෙහෙයුම භාරදෙන්නේ ආරක්ෂක ප්‍රධානි වන තකහරා කයිටෝට.ආණ්ඩුකාරවරයා ග්යොන්ග්සොන්ග්වලට එනවයි කියලා දැනන් ඉදියේ බුද්ධි අංශෙ කීපදෙනෙක් විතරයි හින්දා තකහරා එයාලගෙන් ප්‍රශ්න කරන්න එක හෝටලයකට සේරමව රැස් කරනවා. එහෙම රැස්කරන්නේ මුරයමා ජුන්ජි, පාක් චා ක්යුන්ග්, යුරිකෝ, අංශ ප්‍රධානි චොන් සහ ලී බෙක් හෝ කියන අයව. එතන් ඉදන් මුළු ෆිලුමම ගලන් යන්නේ මේ හෝටලේ ඇතුලේ. ඉතින් මේ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලය මොකක් වෙයිද? ඇත්තටම යුර්යොන්ග් කවුරු වෙන්නැතිද? ඒක දැනගන්න අනිවාරෙන් Phantom නරඹන්න කියලා ආරාධනා කරනවා!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නයන බුද්ධික (Baiscopelk)
IMDb 6.2 /10 477 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sol Kyung-gu isJunji Murayama
Junji Murayama
Lee Hanee isPark Cha-kyung
Park Cha-kyung
Park Hae-soo isKaito Takahara
Kaito Takahara
Seo Hyun-woo isSection Chief Cheon
Section Chief Cheon
Kim Dong-hee isLee Baek-ho
Lee Baek-ho
Kim Hye-ok isJunji's Mother
Junji's Mother
Kim Jong-soo isProjectionist
Projectionist
Esom isYoon Nan-young
Yoon Nan-young
Lee Joo-young isTicket Clerk
Ticket Clerk

Similar titles

Monster Hunt 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Avengers: Infinity War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story (1985) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ne Zha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hounds of War (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Four (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narvik (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ
Lingoccha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published