EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Hangover (2009) | හොඳටම ඩෝප්
ඉතින් යාලුවනේ මේක අධයක්ෂනය කරලා තියෙන්නේ Todd Phillips මහත්තයා. එතකොට කතාව රචනා කරලා තියෙන්නේ Jon Lucas, Scott Moore කියන දෙන්නා. Zach Galifianakis, Bradley Cooper, Justin Bartha වැනි හොලිවුඩ් වල ඉන්න සුපිරිම තරු රැසක් රඟන මේ චිත්‍රපටය හාස්‍යට වැඩි ඉඩක් ලබා දී තිබෙනවා.
මේකේ තියෙන්නේ මත්ද්‍රව්‍ය වගයක් අරගෙන පස්සේ ඇති වන අතුරුඵලයක් විදිහට මතකය නැති වුන මිනිස්සු හතර දෙනෙකුගේ කතාවක්. ඩග්, ෆිල්, ස්ටූ, සහ ඇලන් කියලා කියන්නේහොඳම යාලුවෝ හතරදෙනෙක්. ඒ අතරින් ඇලන් කියන්නේ නම් හරිම විනෝදජනක පුද්ගලයෙක්. එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ තියෙන මේ හතරදෙනාගෙන් ඩග් කියන්නේ ඇලන්ගේ අනාගත මස්සිනා. ඒ මොකද ඩග් බදින්න යන්නේ ඇලන්ගේ සහෝදරියව. මේ හතරදෙනා ඩග්ගේ විවාහයට ලකින් දවසේ තනිකඩ සාදයක් සූදානම් කරනවා. ඒක තියෙන්නේ ලාස් වේගාස් වල. ඉතින් මේ ඛට්ටිය කොහොමහරි ලාස් වේගෛ ගිහින් වේගාස් වල ලොකු හෝටලේක නතර වෙනවා. පස්සේ එදා රෑ, ඒ කියන්නේ විවාහයට කලින් දවසට කලින් දවස. එහ්ඩා මෙයාලා හෝටලේ වහලෙට නැගලා පොඩි ෂොට් එකක් දාලා පොඩි ආතල් එකක් ගන්නවා. ඒ අතර ඇලන්ට කුඩුකාරයෙක් දුන්නු රූෆීලින් නම් මත්ද්‍රව්‍ය වර්ගයක් මේ හතර දෙනා නොදැනුවත්වම බොනවා. ඊට පස්සේ උදේ අවදිවෙනකොට එදා රෑ වුනු කිසිම දෙයක් එයාලට මතක නෑ. ඒ දේවල් එයාලට අමතක වුනාට එයාලා එදා රෑ හොඳහොඳ සෙල්ලං කරලා තියෙනවා. ඒ ඔක්කොම දේව එයාලට දැනගන්න ලැබෙන්නේ අවසානයේදී. ඒ ඔක්කොටම හපන් වැඩේ තමයි උදේ එයාලා අවදි වෙනකොට එයාලගේ විවාහා වෙන්න හිටිය යාලුවා ඩග් අතුරුදහන් වෙලා. ඉතින් මේ කතාව පුරාවටම ඊට පස්සේ තියෙන්නේ අනිත් යාලුවෝ තුන්දෙනා ඩග්ව හොයාගන්න හදන හැටියි. ඒක නම් හරිම විනෝදජනකයි.
චිත්‍රපටය නරඹන්නාට කිසිම කම්මලිකමක් නොහිතෙන විදිහට චිත්‍රපටය හදන්න අධ්‍යක්ෂකවරයා සමත්වෙලා තියෙනවා. චිත්‍රපටය බලන්න පටන්ගත්තු වෙලේ සිටම චිත්‍රපටය ඉවර වෙනකල්ම ආපහු නැගිටින්න නොහිතෙන විදිහේ සිනමා සිත්තමක් කියලා සහතිකවම කියන්න පුලුවන්.
මයික් ටයිසන්ගේ කොටියව හොරකම් කරන්න ගිය පොලිස් වාහනේට වෙච්ච වැඩෙයි, සූදු කෙළින්න ගිහින් හම්බුනු චීන මනුස්සයා ගැනයි, ළමයෙක් ඉන්න අම්ම කෙනෙක්ව කසාද බැඳපු සිද්ධියයි, දත් ගලවපු සීන් එකයි, ඔයාලට බලාගන්න පුලුවන් මේක බලනකොට. ඔයාගේ අන්තර්ජාල සම්බන්දතාවයෙන් වැයවෙන දත්ත ප්‍රමාණයට කොහෙත්ම අසාධාරණයක් නොවන මේ චිත්‍රපටය පටන්ගත්තු වෙලේ ඉඳළම හිනාවෙවී බලන්න පුලුවන් එළකිරි චිත්‍රපටියක්.
- The Hangover (2009)
- The Hangover Part 2 (2011)
- The Hangover Part 3 (2013)











