CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Hangover Part 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Hangover Part 2 (2011) | පිස්සො සෙට් එක ආපහු…?
නම කියද්දිම කට්ටිය දන්නව ඇතිනේ.. කොහොමත් මේකෙ පළවෙනි කොටස බලල තියන කට්ටියට නම් මේ film එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. 😀 මේක 2011 ආපු සුපිරිම comedy film එකක්. IMDB ratings 6.5ක් අරන් තියනවා. මම බලල තියන සුපිරිම comedy film series එක තමයි Hangover films සෙට් එක. වැඩිය කතා නැතුව film එක දිහාට හැරෙමුකෝ..
ඔන්න අපේ යාලුවො 3න් දෙනා, ඒ කියන්නේ ෆිල්, ස්ටූ, ඩග් සහ ඇලන් (පිස්සා) යනවා තායිලන්තෙට.. ඒ ස්ටූගෙ මගුල්ගෙදරට. ඔන්න එහෙ ගිහිල්ලත් මගුලට කලින් කට්ටිය සෙට් වෙනවා.. ගියපාර වෙච්ච සිද්ධිය මතක හින්ද මේ පාර වැඩිය බොන්නෙ නෑ. ඒවුනාට අන්තිමේදි ඇහැරෙනකොට කට්ටියටම මොනවත් මතක නෑ.. ඊට පස්සෙ මොකද වෙන්නේ..??
මේක අවසානය වෙනකල්ම හොදට හිනාවෙවී කුතුහලයෙන් නරඹන්න පුලුවන් බයිස්කෝප් එකක්. අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Todd Phillips. පොර තමයි මේකෙ පළවෙනි එකත් කරල තියෙන්නේ.. ඒ වගේම Project X, Due date, Old school වගේ සුපිරි කොමඩි හදපු පොරක්. මේකෙ රඟපාන්නේ Bradley Cooper, Zach Galifianakis, Ed helms වගේ සුපිරිම සෙට් එකක්. Hangover පළවෙනි එක බලල නැති කට්ටිය ඉන්නවනම් මේක බලල පළවෙනි එක බැලුවත් අවුලක් නෑ..
- The Hangover (2009)
- The Hangover Part 2 (2011)
- The Hangover Part 3 (2013)











