CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Under the Banner of Heaven (2022) TV S01 Complete

Under the Banner of Heaven (2022) TV S01 Complete

Apr. 28, 2022
Your rating: 0
9.3 3 votes

TV Series Info

අද සබ් අරගෙන එන්නේ HULU Streaming Service එක විසින් නිකුත් කරපු, වැඩිය ජනප්‍රිය වුණේ නැති TV series එකකට. මේ තමයි Under the Banner of Heaven කියන කතා මාලාව. එපිසෝඩ් 7කින් සමන්විත මේ කතාමාලාව IMDb දර්ශකයේ 7.5ක් හා Rotten Tomatoes දර්ශකයේ 86%ක් වැනි ඉහළ අගයක් අරගෙන තියෙන නිසා වැඩිය ජනප්‍රිය නොවුණු එක පුදුමයි. True Crime වර්ගයේ කතාවක් විදියට වර්ග කරලා තියෙන මේ කතාව අභිරහසක් හා සම්බන්ධ වූ මොර්මොන් ආගම පිළිබඳ විවේචනයක් කියලා හඳුන්වන්න පුළුවන්. කතාවේ වැඩි වශයෙන්ම කතා කෙරෙන්නේ වර්තමානය සහ මේ ආගම අතර තියෙන නොගැළපීම සහ ආගම ගැන අන්තවාදී වීමෙන් තමන්ට වගේම සමාජයටත් වෙන අයහපත. මේ වගේ කතාවලට ආස චරිතයක් විදියට සැලකෙන, අපි හැමෝම දන්න Andrew Garfield තමයි ප්‍රධාන චරිතය හෙවත් ‘Jeb Pyre’ (ජෙබ් පයිරි)ට පණ පොවන්නේ. මීට අමතරව Sam Worthington, Daisy Edgar-Jones, Wyatt Russel, Denise Gough යන අයත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියන්න කලින් අපි මේකට සම්බන්ධ වෙන ආගම ගැන ටිකක් දැනගමු. LDS (Latter-Day Saints) ආගම වඩාත් හොඳින් දන්නේ ‘මොර්මොන්’ කියන නමින්. ෂර්ලොක් හෝම්ස් රසිකයින්ට නම් ඉතින් මේක ගැන අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න දෙයක් නෑ. මොකද A Study in Scarlet සිංහල පරිවර්තනයේ (‘ලෝහිත පරීක්ෂණය’ – චන්දන මෙන්ඩිස්) උපග්‍රන්ථය කියන කොටසේ තියෙනවා ‘මෝමොන් ආගම සහ එහි ලබ්ධිකයෝ’ කියලා සටහනක්. ඒකේ විස්තර වෙන්නේ මේ ආගම ගැනයි. ඉතින්, සරලවම කියනවා නම්, ජෝසෆ් ස්මිත් කියලා තරුණයෙක් 1830දී ආරම්භ කරපු ආගමක් තමයි මේක. ස්මිත්ට අනුව නම්, පොඩි කාලෙ ඉඳලම එයාට අනිත් අයට නොපෙනෙන දේවල් පෙනිලා තියෙනවා. ඉතින් දවසක් මෙයාට දේවදූතයෙක් ඇවිල්ලා කියල තියෙනවා කන්දක හංගලා තියෙන ධර්ම පුස්තකයක් ගැන. ඒකේ තිබිලා තියෙනවා කියන්නේ ජේසුස් වහන්සේගේ සත්‍යම ධර්මය. ඉතින් ජෝසෆ් ස්මිත් මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මෝමොන් බයිබලය සකස් කළා. එයා අනුගාමිකයොත් සමග තැනින් තැනට සංක්‍රමණය වුණා, මොකද එයාලගේ ආගමික සිරිත් විරිත් සහ විශ්වාස අන්‍යාගමිකයින් පිළිකුල් කරපු නිසා. අන්තිමට මෙයාලා යූටාවට ඇවිල්ලා සෝල්ට් ලේස් නගරය ගොඩනැගුවා. ඉතින්, කතාව බලන්න පටන්ගන්නකොට ඔය ටික දැනගෙන හිටියාම ඇති.

කතාව ගැන කියනවා නම්, මේකට පාදක වෙලා තියෙන්නේ Under the Banner of Heaven කියලා John Krakauer විසින් රචනා කරපු පොතකින්. මේ පොත පාදක වෙලා තියෙන්නේ 1984 වර්ෂයේ ඇමරිකාවේ ඇත්තටම සිද්ධ වුණු සිදුවීම්වලිනුයි. මේ වගේ දෙයක් ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා කිව්වාම ඒක විශ්වාස කරන්නත් අමාරුයි.


කොහොම නමුත්, කතාව ගෙතිලා තියෙන්නේ “ලැෆර්ටි” කියලා පවුලක් වටේයි. මෙයාලා මෝමොන් ආගම බොහොම තදින් විශ්වාස කරන අය. ඉතින් එක දවසක මෙයාලගේ පවුලේ බාලයාගේ බිරිඳ වන බ්‍රෙන්ඩා ලැෆර්ටි සහ එයාගේ ළමයා වන මාස 15ක් වයසැති එරිකා ලැෆර්ටිවත් අමානුෂික ලෙස මරා දාලා තියෙනවා. මේ ද්විත්ව ඝාතනය විසඳන්න භාර වෙන්නේ LDS ආගමේ හොඳ අනුගාමිකයෙක් වන “ජෙබ් පයිරි” (කතාවේ ප්‍රධාන චරිතය) සහ එයාගේ යාළුවෙක් වන LDS ආගම තඹ දොයිත්තුවකට මායිම් නොකරන පරීක්ෂක බිල් ටාබා ටයි. ඉතින් කතාවේ ඉතුරු ටිකේ වෙන්නේ මොනවද කියලා බලලම දැනගන්න.

කතාව වඩාත් හොඳින් තේරුම් ගන්න මෙන්න ලැෆර්ටි පවුලේ සාමාජිකයින්ගේ සටහනක්:

 

Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-07 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත..
TMDb Rating 7.638 264 votes
First air date Apr. 28, 2022
Last air date Jun. 02, 2022
Seasons S01 Complete
Average Duration tt1998372 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Andrew Garfield isDetective Jeb Pyre
Detective Jeb Pyre
Sam Worthington isRon Lafferty
Ron Lafferty
Daisy Edgar-Jones isBrenda Lafferty
Brenda Lafferty
Denise Gough isDianna Lafferty
Dianna Lafferty
Wyatt Russell isDan Lafferty
Dan Lafferty
Billy Howle isAllen Lafferty
Allen Lafferty
Chloe Pirrie isMatilda Lafferty
Matilda Lafferty
Seth Numrich isRobin Lafferty
Robin Lafferty
Adelaide Clemens isRebecca Pyre
Rebecca Pyre
Rory Culkin isSamuel Lafferty
Samuel Lafferty

Video trailer

Similar titles

Family by Choice (2024) TV Series | Season 01 | Complete
Happiness  TV Series (2021 ) Complete  With Sinhala Sub
Alice in Borderland (2022) TV  Complete Season 01-03 | Complete
Good American Family (2025) TV Series | Season 01 | Complete
Snowdrop (2021) Complete  Season 01  TV Series With Sinhala Sub
Brinda (2024) TV Series | Season 01 | Complete
IT: Welcome to Derry (2025) TV Series | Season 01 | EP01-02 | Incomplete
While You Were Sleeping (2017) TV Series | Complete Season 01
The Railway Men – The Untold Story of Bhopal 1984 (2023) TV S01 Complete
HeartBeat (2023) TV S01 Complete
The Heavenly Idol (2023) TV S01 Complete
Hi Venus (2022) TV Series | S01 | Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published