CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Irai (2022) TV Season 01 Complete

Irai (2022) TV Season 01 Complete

Feb. 18, 2022
Your rating: 0
7.6 5 votes

TV Series Info

 

මේකත් සරත්කුමාර්ගේම ත්‍රිලර් සීරිස් එකක්. විනාඩි 40ක වගේ එපිසෝඩ් 6ක් තියෙනවා. හැම එපියකම සස්පෙන්ස් ත්‍රිලර් ගතිය කිසි අඩුවක් නෑ. අපේ භාෂාවෙන් කිව්වනම් සුපිරිම එකක්. කතාව ගලායෑම රංගනය එකිනෙකා ඉක්මවා නොයෑම. මේ හැම දෙයක්ම හොදට කලමණාකරනය කරල හදපු සීරීස් එකක්. අනිවාර්යයෙන් බලන්න කියලයි මට කියන්න තියෙන්නේ.

ඉරයි නොහොත් ඇම නැත්නම් ගොදුර. මේක අපරාධ ත්‍රිලර් ඝණයට වැටෙන්නේ. මේක හා දමිළ රූපවාහිනී නාලිකාවේ 18 පෙබරවාරි 2022 දී විකාශණය වුන එකක්. මේක අරචනා සාරත් විසින් ලියන ලද Birds of Prey (ගොදුරු කුරුල්ලන්) නවකතාව පදනම් කරගෙන මනෝජ් කුමාර්, රාජේශ් මන්ජුනාත්, රාජේශ් එම් සෙල්වා විසින් තිර රචනාව ලියන ලදි. අධ්‍යක්ෂණය රාජේශ් එම් සෙල්වා විසිනි , නිෂ්පාදන කටයුතු අපට හොදට හුරු පුරුදු රාධිකා සරත්කුමාර්ගේ රාධාන් මිඩියා වර්ක්ස් එකෙන්. ප්‍රධාන චරිතය ආර්. සරත්කුමාර් විශිෂ්ට රංගනයක. ශ්‍රිෂා (අනිතා ) , නිලල්ගල් රවි ( සුබ්‍බුරාජ්) , අභිෂේක් ශංකර් (සිවකුමාර්), ශ්‍රි කිෂ්ණ දයාල් (අශෝක් කුමාර්) මේ අයත් හොද රංගනයක් විශේෂයෙන් ශ්‍රිෂාගෙන් දැනෙන රංගනයක් දැක බලාගන්න පුළුවන්.

කතා තේමාව.

ඉන්දියාවේ ලමා ගණිකා ජාවාරම ඉතා ප්‍රසිද්ධ රටක්. මේක කාලයක් තිස්සේ මහ පරිමාණයෙන් කෙරෙන ජාවාරමක්. මේ ජාවාරමට පාතාලය , දේශපාලනය , පොලීසිය සහය නොමසුරුව ලැබෙනවා. ඒ පැහැරගන්න දරුවන්ට වෙන අකරතැබ්බයන් එමටයි. මේ දරුවන් වැඩිවශයෙන් පැහැරගැනීමට ලක්වූවන් වීම විශේෂයි. මේ පැහැරගන්නා දරුවන් ලිංගික වශයෙන් විතරක් නෙවෙයි ඔවුන්ගේ ශරිර අවයව ජාවාරමටත් යොදවා ගන්නවා. ඒක තමයි මේ කතාවේ නම ” ගොදුර ” ලෙස නම් කරල තියෙන්නේ.

මේ වෙන් සීරීස් එකෙන් පෙන්වන්නේ ඒ ගොදුරු වූ දරුවන් විශේෂයෙන් ගැහැණුදරුවන්ට සිදුවන දේ ඒ වගේම ඒ පැහැරගැනීම නිසා සමාජයේ අපි නොදකින වෙනස්කම්. ඒ නිසා පීඩාවට පත්වෙන පවුලේ අය.

මේ ළමා ලිංගික ජාවාරමට අවසානයක් තියේද? ඒ තියෙනවනම් එය අවසාන් විය යුත්තේ කෙසේද ? මේක තමයි ඉරයි නොහොත් ඇම / ගොදුර අපට කියල දෙන්නේ.
කතා සාරය.

රොබට් වාසුදේවන් ( සරත්කුමාර් ) විවේකිව කාලය ගතකරන දක්ෂ විශේෂ විමර්ශන නිළධාරියෙක්. මොහු මානසික අවපීඩනයකින් පෙලෙනවා ඒ කුඩා අවධියේදී එයාගේ නංගිව කණ්ඩායමක් විසින් පැහැරගනු ලබන අතර ඔහුට කිසිවක් කරකියා ගන්න බැරිවීමයි. තමන් වැඩිවියට පත්වුනත් ඒ සිද්ධිය මානසික පීඩනයක් දක්වා ඉහල යනවා.

රොබට්ට විශේෂ කැදවීමක් ලැබෙනවා සිවකුමාර් කියන දේශපාලකයාගේ ඇතුරුදහන්වීම ගැන විමර්ශනය කර ඔහුව සොයාගන්න කණ්ඩායම උපදේශකයෙක් වශයෙන්. මේ රොබට් යන්න හදන්නේ තම නැගනිය පැහැරගත් ප්‍රදේශයටයි . එහේනම් බලලම ඉමු නේද ?

 

 

Irai (2022) TV Season 01 Complete
Irai (2022) TV Season 01 Complete
Irai (2022) TV Season 01 Complete
Irai (2022) TV Season 01 Complete
Irai (2022) TV Season 01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 5.5 4 votes
First air date Feb. 18, 2022
Last air date Feb. 18, 2022
Seasons S01 Complete
Average Duration tt16227378 minutes
Subtitles By
Country
Language

Creator

Cast

R. Sarathkumar isRobert Vasudevan
Robert Vasudevan
Shrisha isAnitha Subramaniam
Anitha Subramaniam
Gokul Anand isSumithran
Sumithran
Sriranjini Prabhu isSheeba Robert
Sheeba Robert

Similar titles

Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
House of the Dragon (2024) TV  S01 & S02 Complate
The Detective Is Already Dead (2021) TV | Season 01
Vadhandhi (2022) TV S01 Complete
Hotel Del Luna (2019) TV Series | Season 01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Rookie Historian Goo Hae-Ryung TV Series |Complete | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happiness  TV Series (2021 ) Complete  With Sinhala Sub
Adolescence (2025) TV Series | Season 01 | Complete
My Demon (2023) TV S01 Complete
In From the Cold (2022) TV Series Season 01
Marvel’s Iron Fist (TV Series 2017-2018) TV S01 & S02 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published