Cast
Go Full Cast PageShaque: Trust No One 2026 Season 1- රෝහලෙන් අතුරුදන් වූ දරුවා
සුබ දවසක් වේවා! අද මං අරගෙන ආවේ මේ අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් කරපු සුපිරිම සයිකොලොජිකල් ක්රයිම් මිස්ට්රි, ක්රයිම් ත්රිලර් ගණයට වැටෙන වෙබ් සීරීස් එකක් සඳහා සිංහල උපසිරැසි. මේකට IMDb 5.2 ක වගේ රේටින් එකක් වුණත් කතාව පුරාම තියෙන කුතුහලය නිසා එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් නිර්මාණයක්. කතාව අධ්යක්ෂණය කරලා තියෙන්නේ ප්රසිද්ධ අධ්යක්ෂක රෙන්සිල් ඩිසිල්වා විසින් වන අතර මෙහි ප්රධාන චරිත සඳහා පරිණීති චොප්රා, ජෙනිෆර් වින්ගට් සහ ටහීර් රාජ් භාසින් වගේ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
අන්විතා තම අලුත උපන් දියණිය අභිරහස් විදිහට පැහැරගැනීමකට ලක්වීමෙන් පස්සේ අවුරුදු නවයක් තිස්සේ නොනවත්වා ඒ දරුවාව හොයනවා. මේ සෙවීම අතරතුර ඇයට හැම අවුරුද්දකම දරුවාගේ උපන්දිනය දවසේ අභිරහස් තෑගි පාර්සල් සහ ඡායාරූප ලැබෙන්න පටන් ගන්නවා. තමන්ගේ දරුවා තවමත් ජීවතුන් අතර ඉන්නවා කියන බලාපොරොත්තුවෙන් ඇය මේ ලැබෙන ඉඟි ඔස්සේ යනකොට ඇයට මුහුණ දෙන්න වෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ද්රෝහිකම් රැසකට. තමන්ගේම ලඟම ඉන්න අයව පවා සැක කරන්න සිද්ධවෙන මේ අභිරහස පිටුපස හැංගිලා තියෙන ඇත්තම සත්යය මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.
එසේනම්. අදම cinesubz.lk වෙබ් අඩවියට පිවිසිලා සිංහල උපසිරැසි සහිත කතා මාලාව ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ජයවේවා!












