මං ගෙනාවෙ Marvel Studios අලුත්ම සීරිස් එක වෙන Daredevil:Born Again  කියන සීරිස් එක අරගෙනයි. ඉතිං මේක Marvel studios නවතම ලේබල් එකක් වෙන Matvel Telivision යටතෙයි නිකුත් වෙන්නෙ,තව කියනව නම් මේක MCU හි 13 වන සීරිස් එක කියලත් සදහන් වෙනවා,මේක ප්‍රේක්ෂකයො ඉතා ආදරෙන් වැලදගත්ත,Marvel’s Daredevil(2015-2018)කතා මාලාවෙ ඉදිරි දිගුව වෙනවා.මේකෙ පළවෙනි සීසන් එක කොටස් නමයකින් සමන්විත වෙනවා වගේම දැනටම මේක දෙවෙනි කතාමාලාවක් දක්වා දික් කරන බවත් වාර්තා උනා එපිසෝඩ් 8 කින් දෙවෙනි කතාමාලාව සමන්විත වෙනවා කියල වාර්තා වෙනවා.
ඉතිං හිතපු තරම් සාර්තක නිර්මාණ ලගදි මාවල් ලට ගේන්න බැරි වුනත්,මාවල් රසිකයො මේ සීරිස් එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නව කියල  දකින්න ලැබෙනවා,ඒ මේ character එකට තියන ආදරයත්,කලින් නිකුත් වුන Marvel’s Daredevil කතාමාලාවත් කියලයි මට හිතෙන්නෙ. පළමුව නිකුත් උන එපිසෝඩ් දෙකම ඒ බලාපොරොත්තුව පොඩ්ඩක් හරි රකින්න පුලුවන් වුනයි කියල ප්‍රේක්ෂක ප්‍රතිචාර අලින් දක්නට ලැබෙන්නෙ.
සුපුරුදු පරිදි Charlie Cox, Daredevil ලෙසත්,ඔහුගෙ සතුරු King-Ping විදිහට Vincent D’Onofrio ත්,තව නලු නිලියන් රැසකුත් ට්‍රේලර් එකේ දැක්ක විදිහට අපේ  Marvel’s The Punisher කතාමාලාවෙ  Punisher ලෙස රංගනයෙන් Jon Bernthalවත් ඉස්සරහට  දක්නට ලැබේවි.තව Reference ගොඩක් මේ විදිහට දකින්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.
හරි කතාවට පොඩ්ඩක් හැරුනොත්..
කතාව පටන්ගන්නෙ මැට් ගෙ හිතවතෙක් වුන ශෙරී ගෙ විශ්‍රාම යාම නිමිත්තෙන් තියන පොඩි හමුවකින්.ඒකෙදි අපේ මැට් ගෙ යාලුවො හැමෝම වගේ ඉන්නවා,අවාසනාවකට ටික වෙලාවකින් එක කෝල් එකකට පස්සෙ මෙතනට වෙඩික්කරුවෙක් පහර දෙනවා ඒකෙන් මැට් ගෙ හොදම යාලුවා මියයනවා.
මේකෙන් පස්සෙ ඔහු ගොඩක්ම කඩාවැටෙනවා කෙටියෙන්ම කිව්වොත් මෙයා ඩෙයාඩෙවිල් වෙන එක අතාරිනවා,සේරම නීතියට බාර දෙන්න තීරනය කරනවා. එහෙම තීරනයක ඉන්නකොට ඒ තීරණයට අභියෝගයක් වෙන කෙනෙක් එයාගෙ ජීවිතයට ආය එනවා.
ඒ කවුද,කතාව එතනින් එහාට මොකද වෙන්නෙ කියන එක ඔයාලට භාරයි.

 

 

 

 

Comments

March 8, 2025

Hello bro snowfall tv serios ekai southpaw film ekai denna puluwanda. Plzz yaluwe

March 20, 2025

ko bn ithuru episodes 4kma out wela thiyenne?

March 30, 2025

netflix la karapu anith series tikath danna puluwan nam godak watinawa hoyaganna na kohewath .

March 30, 2025

Anith ep tikath Ikmanata dennako 😊😊

March 31, 2025

Netflix eken karapu daredevil series ekath blnn onid meka blnn

    April 27, 2025

    ow

April 16, 2025

Anith ep tikath dennako

April 18, 2025

Ep.09 ekath dannako

April 21, 2025

Ep.09 eka parakkui ne

April 22, 2025

Anith ep එක kavadada එන්නේ