Cast
Go Full Cast Pageමියාමි නගරයේ නාසති පැය 72
ඔන්න මම අද 2026 අවුරුද්දේ නිකුත් වුණු, හිනාවෙලා මැරෙන්න පුළුවන් පට්ටම Comedy ෆිල්ම් එකක් අරගෙනයි ආවේ.
කතාව ගැන පොඩි හැඳින්වීමක් කරොත් ජෝ කියන්නේ අවුරුදු 40 ක විතර වයස කෙනෙක්. දවසක් නොහිතපු විදියට එයා වැරදීමකින් වෙනත් කට්ටියකගේ Group එකකට එකතු වෙනවා. ඒ Group එකේ යන්නේ තරුණ කොල්ලො සෙට් එකකගේ මියාමි වල දාන්න ලෑස්ති වෙන Bachelor Party එකක් ගැනයි. මේ අතරතුර තමන්ගේ රැකියාවේ උසස්වීමත් වයස වැඩි නිසා අහිමි වෙන ජෝ, නැවත තමන්ගේ තරුණ කාලයට යන්න ඕන කියලා හිතාගෙන මේ නාඳුනන පිරිසගේ මියාමි ගමනට එකතු වෙන්න තීරණය කරනවා.
කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව මියාමි යන ජෝව දැකලා අර කොල්ලෝ ටික සම්පූර්ණයෙන්ම හොල්මන් වෙනවා තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් ආවත්, කොහොම හරි ඒ කොල්ලොන්ගේ ලෙවල් එකට බැහැලා බීලා, Drug පාවිච්චි කරලා නාසති වෙන්න ජෝ හදනවා. එතන ඉදන් පැය 72ක් තිස්සේ සිද්දවෙන නොහිතපු විදියේ කරදර පිස්සු කෙළින ඒවා කතාව පුරාම දිගහැරෙනවා.
වැඩිය හිතන්නේ නැතුව, හොඳට හිනාවෙලා ආතල් එකක් ගන්න බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක.එහෙනම් ෆිල්ම් එක බලලා රසවිඳින්න. තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!











