Cast
Go Full Cast Pageදවස් තුනේ පිස්සුව
අවුරුදු 40ක ‘ජෝ’ කියන්නේ මාකටින් කම්පැණියක වැඩ කරන කෙනෙක්. අලුත් පරම්පරාවේ (Gen Z) අයගේ හිත සතුටු කරන විදිහ තේරෙන්නේ නැහැ. ඒ නිසා එයාගේ අලුත් ප්‍රොජෙක්ට් එකත් ෆේල්. මේ අස්සේ වැරදීමකින් එයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඒක අවුරුදු 20 ගණන් වල කොල්ලෝ සෙට් එකක් දාන බැචලර් පාටියක් ගැන මැසේජ් එකක්. තමන්ගේ ජොබ් එක බේරගන්නත් එක්කම අලුත් ජෙනරේෂන් එක ගැන ඉගෙන ගන්න හිතාගෙන, මේ තරුණ කොල්ලෝ එක්ක දවස් තුනක පාටියකට සෙට් වෙන්න ජෝ තීරණය කරනවා. මියාමි වලට ගිහින් මුන් සෙට් එක නටන නාඩගමයි, ගෑවෙන කරදර ගොඩයි තමයි මේ කතාවේ තියෙන්නේ. පට්ටම ආතල් එකක් දෙන R-Rated කොමඩියක් තමයි මේක.
අපේ සෙට් එකේ ට්‍රිප් එකක් හරි පාටියක් හරි යද්දි, එක වයසක අංකල් කෙනෙක් හරි එනවනේ කොල්ලෝ වගේ ආතල් ගන්න. හැබැයි අන්තිමට එයාව බලාගන්න ඕනෙත් අපිමයි. අන්න ඒ වගේ සීන් එකක් තමයි 72 Hours ෆිල්ම් එකෙත් තියෙන්නේ. තමන්ගේ වයස අමතක කරලා කොල්ලෝ සෙට් එකක් එක්ක පිස්සු නටන්න ගියාම මුහුණදෙන අකරතැබ්බ ටික කෙවින් හාර්ට් පට්ටම විදිහට රඟපාලා තියෙනවා.
කෙවින් හාර්ට් කියන්නේ කොහොමත් හිනා කාලා මැරෙන්න තරම් නියම ෆිල්ම් දෙන කෙනෙක්නේ. මේකත් The Hangover ෆිල්ම් එක වගේම, ටිකක් කුණුහරුප පිරුණු, 18+ ජෝක්ස් තියෙන ෆිල්ම් එකක්. අලුත් Gen Z කොල්ලොන්ගේ ලෝකෙට, අවුරුදු 40ක මනුස්සයෙක් ගියාම එතන තියෙන ගැටුම හරිම ලස්සනට වගේම හිනා යන විදිහට මේකේ පෙන්නලා දීලා තියෙනවා.
2026 ජූලි 24 වෙනිදා Netflix එකෙන් රිලීස් කරපු මේ ෆිල්ම් එක Comedy පැත්තෙන් උපරිම සාධාරණයක් කරලා තියෙනවා. කතාවේ මුල ඉඳන් අගටම කම්මැලි නැතුව හිනා වෙවී බලන්න නියමයි. Tim Story තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. යාලුවොත් එක්ක සෙට් වෙලා බලන්න නියම ෆිල්ම් එකක්.
කොහෙත්ම බැහැ. මේක R-Rated කොමඩියක්. වැඩිහිටියන්ට පමණක් ගැළපෙන කුණුහරුප සහ දර්ශන මේකේ තියෙන නිසා පොඩි අය එක්ක බලන්න එපා.
තරුණ සෙට් එක විදිහට Marcello Hernández, Mason Gooding, Kam Patterson වගේ අය රඟපෑම් එක් කරලා තියෙනවා. ඊට අමතරව Teyana Taylor මේකේ කෙවින් හාර්ට්ගේ පෙම්වතියගේ චරිතය නිරූපණය කරලා තියෙනවා.









