EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අමුතුම සවාරියක්

ආයුබෝවන්, ඔන්න අද නිකුත් උන අළුත්ම අළුත් මලයාලම් කොමඩිය. මේක ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ඒ වගේම මේ වසරෙ මලයාලමෙන් වාර්තා උන තවත් බ්ලොක් බස්ටරයක්. බොහෝ දෙනා දන්න ආඩු චිත්‍රපට මාලාවෙ තෙවැනි චිත්‍රපටය තමයි මේක. එහෙම්පිටිම්ම කොමඩියක්. මේකෙ මුල් එක 2015 ත් දෙවැන්න 2017ත් නිකුත් උනා. දෙකම සාදාරණ ප්‍රතිචාරයක් ලබා ගත්තත් මෙන්න මේ තුන් වැන්න කෝටි 120ක ආදායමක් (බජට් එක 60ක්) සමත් වෙනවා.
Midhun Manuel Thomas ලියා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන චරිත Jayasurya, Vinayakan , Saiju Kurup, Sunny Wayne,Dharmajan Bolgatty, Vijay Babu, Bhagath Manuel, Harikrishnan වැනි නළුවන් රාශියකින් හැඩ වෙනවා.
කඹ ඇදීමේ ක්‍රීඩාව සඳහා ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගන්නා එක් තරා තරුණ පිරිසක් වටා ගෙතුනු මේ කතාවේ මුලින්ම තරඟයක ජයග්‍රහණය වෙනුවෙන් එළුවෙක් තෑගි ලෙස ලැබීමක්. කතාවට නම එන්නේ ඒ එළුවාගෙන්. ඉතින් තුන් වැන්නේදී එළුවා පේන්න නැති උනත් කතාව වෙනත් අතකට හැරිල ගමන් කරනවා. ඒක කෙලින්ම යන්නෙ මේ පිරිසගේ පෙර ආත්මයක් හා සම්බන්ධව. ඉතිං එදා අද අතර මාරු වෙමින් යන මේ කතාවෙ අන්තිමට කාල තරණයකුත් සිද්ධ වෙනවා. එතනින් නතර වෙන්නෙ නෑ හතර වෙනි කොටසකුත් එන බව අඟවනවා.
ආඩු එක දෙක නොබලපු අයට ප්‍රශ්ණයක් නෑ මේකත් අවුලක් නැතුව බලන්න පුළුවන්. ඒ උනත් එක දෙකත් බැලුව නම් තමා හොඳ.

Comments