EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඇලෙක්ස් පාණ්ඩියන්

මහඇමතිගේ දියණියව අභිරහස් කල්ලියක් විසින් පැහැරගැනීමත් එක්කයි කතාව ආරම්භ වෙන්නේ. හැබැයි මේ අය ඇමතිගෙන් කප්පම් විදියට සල්ලි ඉල්ලන්නේ නැහැ, එයාලගේ ඉල්ලීම ඊට වඩා ගොඩක් දරුණු එකක්. මේ අපරාධය පිටිපස්සේ ඉන්නේ සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ඇලෙක්ස් පාණ්ඩියන් (Karthi) කියන දාමරිකයා. කොහොමවුණත් කතාව මැදදී ඇලෙක්ස් නොසිතූ තීරණයකට එනවා. ඇමති දුවගේ ජීවිතය බේරගන්න එකද, නැත්නම් සල්ලි වෙනුවෙන් අපරාධකරුවන්ට උදව් කරන එකද කියන ප්‍රශ්නයත් එක්ක මුළු කතාවම වෙනස්ම අතකට හැරෙනවා.
තමන්ගේම අරමුණක් වෙනුවෙන් වැඩ කරන ඇලෙක්ස්, අවසානයේදී තනියම මුළු පාතාලයක් එක්කම හැප්පෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම වේගයෙන් ධාවනය වන දුම්රියක් ඇතුළේ දිගහැරෙන සටන් ජවනිකා රැසක් මේ නිර්මාණය පුරාම දැකගන්න පුළුවන්. මිලින්ද් සෝමන් සහ සුමන් මෙහි ප්‍රධාන දුෂ්ට චරිතවලට පණ පොවන අතර Santhanam සහ Anushka Shetty ද රංගනයෙන් දායක වෙනවා.
Suraj ගේ අධ්‍යක්ෂණයෙන් 2013 වසරේ නිකුත් වූ Alex Pandian චිත්‍රපටයේ කාර්ති රඟපාන මේ චරිතයේ නම, 1982 තිරගත වුණු Moondru Mugam චිත්‍රපටයේ රජිනිකාන්ත් රඟපෑ ජනප්‍රිය පොලිස් චරිතයට උපහාරයක් විදියට යොදපු එකක්.
ඇමති දුවට නිරුපද්‍රිතව ගෙදර යන්න ලැබෙයිද? නැත්නම් දේශපාලන කුමන්ත්‍රණවලට මුහුණ දෙන්න වෙයිද? Action ශානරයට අයිති, අවසානය වෙනකම්ම කුතුහලය ඉතුරු කරන වෙනස්ම විදියේ සිනමා නිර්මාණයක් තමයි මේක.

Comments