පී-ඩීට ඇලන් ආදරෙයි

2026 නොවැම්බර් 12 වෙනිදා Netflix හරහා නිකුත් වුණු Allen කියන්නේ විද්‍යා ප්‍රබන්ධ (Sci-fi), හාස්‍ය (Comedy) සහ සංවේදී (Drama) කියන ඔක්කොම එකතු වුණු ලස්සන ෆිල්ම් එකක්. 90 දශකයේ ෆිල්ම්වල තිබුණු ඒ අමුතුම සුන්දර ගතියට සහ යාළුකම ගැන කියවෙන කතාවලට කැමති අයට මේක හොඳටම ගැලපෙනවා.
කතාව මොකක්ද? පීටි (Petey) කියන පොඩි ළමයාගේ හොඳම යාළුවා තමයි ‘ඇලන්’ (Allen) කියන පිටසක්වල ජීවියා. හැබැයි එක දවසක් ඇලන් කිසිම දෙයක් නොකියාම අතුරුදහන් වෙනවා. මේ සිද්ධියෙන් අවුරුදු 20කට පස්සෙත්, පීටි තාමත් ජීවත් වෙන්නේ ඒ පරණ මතකයන් එක්කයි. ඔහොම ඉද්දි කවුරුත් නොහිතපු විදිහට ඇලන් ආපහු පීටිව හොයාගෙන එනවා. හැබැයි එයා මේ පාර එන්නේ ලෝකයම වෙනස් කරන්න පුළුවන් ලොකු රහසකුත් අරගෙනයි. මේ හමුවීමත් එක්ක ඇතිවෙන පැටලිලි සහගත සිදුවීම් නිසා පීටිට අතීතයෙන් මිදිලා ජීවිතේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
නිර්මාණය සහ නළු නිළියන් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ ‘Bluey’ කාටූන් කතා මාලාවට සම්බන්ධ වුණු ඩේලි පියර්සන් (Daley Pearson) සහ ජෙෆ්රි වෝකර් (Jeffrey Walker) විසිනුයි. පීටිගේ චරිතයට T.J. Power පණ පොවන අතරේ, Charlotte Nicdao සහ Josh Helman වගේ නළු නිළියන් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
IMDb දර්ශකයේ 5.3/10 ක අගයක් ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක, පවුලේ හැමෝටම එකතු වෙලා සැහැල්ලුවෙන් බලන්න පුළුවන්, හිනාව වගේම පොඩි සංවේදීකමකුත් හිතට දැනෙන නිර්මාණයක්.

Comments