බිහිසුණු ආගන්තුකයින්

සුබ දවසක් වේවා! අද මම අරන් ආවේ අපරාධ, ක්‍රියාදාම සහ කුතුහලය පිරි කන්නඩා චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි. IMDB දර්ශකයේ 9/10 වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත් වී ඇති මෙම අපූරු සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය Manoj Annaiah විසින් සිදුකර ඇති අතර, B. Vinod Kumar විසින් සිදුකර ඇත. නවක නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා.
චක්‍රි සහ ගිරිජා කියන්නේ ගමේ අහිංසක පෙම්වතුන් යුවළක්. සිනමා වීරයන් මෙන් වීර ක්‍රියා කරමින් තම පෙම්වතියගේ සිත දිනාගන්නට උත්සාහ කරන චක්‍රි, තම හාම්පුතා වන රවී අන්නා නගරයට ගිය අවස්ථාවක ගිරිජා සමඟ නිදහසේ කාලය ගත කිරීමට වනාන්තරය මැද පිහිටි ඔවුන්ගේ හුදකලා නිවාඩු නිකේතනයට යනවා. නමුත් ඔවුන්ගේ සියලු සැලසුම් උඩුයටිකුරු වන්නේ එදාම තවත් තරුණයන් සිව්දෙනෙකු අනපේක්ෂිත අමුත්තන් ලෙස එම නිවසට කඩා වැදීමත් සමඟයි. ඔවුන් එහි පැමිණ සිටින්නේ තරුණියකට මත්ද්‍රව්‍ය ලබා දී සිහිසුන් කර, ඇයව විනාශ කර ඝාතනය කිරීමේ අරමුණකින්. චක්‍රි සහ ගිරිජා මුහුණ දෙන අනපේක්ෂිත ඉරණම කුමක්ද?
එසේ නම් සිංහල උපසිරැසි සහිත වීඩියෝව ඩවුන්ලෝඩ් කරගෙන චිත්‍රපට රසවිදීම සඳහා දැන්ම Cinesubz.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
ජය වේවා!

Comments