ආයුබෝවන් යාළුවනේ ඔන්න අද මන් අරන් ආවේ ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ වෙරළ ප්‍රදේශයක් මූලික කරගෙන ඉන්දියානූ නළු නිළියන් සමග එක්ව නිෂ්පාදනය කරන ලද අන්තෝනී චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි 2026 මාර්තු 13 වෙනිදා තිරගත වුණ *”Anthony” – அந்தோனி* කියන්නේ දෙමළ බාසාවෙන් හැදෙන ලංකාවේ චිත්‍රපටයක්. පවුලේ කතාවක්, මනුස්සකම ගැන කතාවක්.
*කතාව මොකක්ද?* යාපනේ වෙරළ පාරේ ජීවත් වෙන “ඇන්තනි” කියන ධීවරයෙක් ඉන්නවා. එයා මුහුදට හරිම කැමතියි, මුළු ජීවිතේම මුහුද එක්ක. හැබැයි වැඩයි ගෙදර වගකීමුයි දෙකම බැලන්ස් කරගන්න අමාරු වෙනවා. එහෙම කතාවක්.
*කවුද ඉන්නේ?* ඇන්තනිට පණ දෙන්නේ කයල් වින්සන්ට්. එයාගේ බිරිඳ නලිනීට ටී.ජේ. භානු. තව සුදර්ශන් රවීන්ද්‍රන් එහෙමත් ඉන්නවා.
*හදපු අය?* අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුකීර්තන් ක්‍රිෂ්තුරජායි ජෙනෝසන් රාජේශ්වර්යි දෙන්නම. සංගීතේ? ඉලෙයියරාජා මාස්ටර්!
*කතාවේ ඇතුලත මොකක්ද තියෙන්නේ?* ඇන්තනි කියන්නේ සරලව ජීවත් වෙන්න ආස මනුස්සයෙක්. හැබැයි එයාගේ අතීතේ නොදන්න පොඩි ධීවර කොල්ලෙක් එක්ක ප්‍රශ්න එනවා. එයාට පවුලත් එක්ක තියෙන අරගලුත් පෙන්නවා.
සාරාංශය ගත්තොත්, සාමාන්‍ය ධීවර මිනිස්සුන්ගේ දුක, එයාලගේ සම්ප්‍රදාය, පවුලේ බැඳීම්… ඒ ඔක්කොම සංවේදී විදියට පෙන්නලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න කියලා

Comments