CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAnweshippin Kandethum (2024) | “සොයන්න, හම්බවේවි”
අද මම අරගෙන ආවෙ සුපිරි නලු ටොවිනෝ තෝමස් රගන ANVESHIPPIN KANDETHUM කියන ෆිල්ම් එක..
බයිබලේ මතෙව් 7:7 කොටසෙ මෙහෙම තියෙනවා , තට්ටු කරන්න ඔබට දොර ඇරේවි , ඉල්ලන්න ඔබට ලැබේවි , සොයන්න , හම්බවේවි කියලා..
ඉතින් මලයාලම් බයිබලේ මේ කොටසෙ ANVESHIPPIN KANDETHUM කියන්නෙ සොයන්න , හම්බවේවි කියලා..
IMDb 8.4/10 ක අගයක් ගන්න සමත් උන මේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකට රංගනයෙන් ටොවිනෝ තෝමස් , සිද්ධික් , විජයකුමාර් , ආධ්‍යා ප්‍රසාද් , අර්තනා බිනූ , ඉන්ද්‍රන්ස් ඇතුලු නලු නිළියන් පිරිසක් සහභාගි වෙනවා , අධ්‍යක්ශණය ඩාර්වින් කුරියාකෝස් විසින්..
කතාවෙ මුල් විනාඩි 5 ගැන කියනවනම් චිංගවනම් පොලිස් බල ප්‍රදේශයේ සිදුවුණ ලව්ලි මාතන් කියන දැරියගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශණය කරන්න පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ශක ආනන්ද් ( ටොවිනෝ ) සහ කණ්ඩායමට සිද්ධවෙනවා
එතනින් එහාට මුකුත් කියන්නෑ.





