භයානක වෛරස් එකක්

මේක ස්පාඤ්ඤ සොම්බි (zombie) ඇක්ෂන් සහ ත්‍රිලර් වර්ගයේ ෆිල්ම් එකක්. මැනෙල් ලොරෙයිරෝ (Manel Loureiro) ගේ නවකතාවක් ඇසුරින් කාලෙස් ටොරන්ස් (Carles Torrens) තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ෆ්‍රැන්සිස්කෝ ඔර්ටිස් (Francisco Ortiz).
ස්පාඤ්ඤයේ ඉන්න මැනෙල් කියන නීතිඥයාගේ බිරිඳ ජූලියා, අලුත් අවුරුදු උදාවෙන් දවස් හයකට පස්සේ වෙන කාර් ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා. මේ දුක නිසාම එයා අවුරුද්දක් තිස්සේ එයාගේ ලුකුලෝ (Lúculo) කියන පූසා එක්ක ගැලීසියා වල තියෙන ගෙදරට වෙලා තනියම ජීවත් වෙනවා. එයාගේ අක්කා (Belén) සහ බෑණා (Carlos) එක්ක වීඩියෝ කෝල් වලින් විතරයි සම්බන්ධකම් තියාගන්නේ. ඔය අතරේ තමයි ‘TSJ’ කියන භයානක වෛරස් එකක් යුරෝපය පුරාම වේගයෙන් පැතිරෙන්න ගන්නේ. මේ වෛරස් එක හැදුනම මිනිස්සු ගොඩක් දරුණු සොම්බිලා බවට පත්වෙනවා. මුලදී මානසික පීඩනය නිසා මැනෙල් මේ ගැන වැඩිය ගණන් ගන්නේ නැහැ, ඒ වගේම ස්පාඤ්ඤ රජයත් මේ ඇත්ත තත්ත්වය මිනිස්සුන්ගෙන් හංගන්න ලොකු උත්සාහයක් ගන්නවා. කොහොම හරි මේ වසංගතය මැද්දේ මැනෙල් එයාගේ පවුලේ අය ගාවට ආපහු යන්න කරන අරගලය තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.

Comments