EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

යුධ අවසානය දුටුවේ මළවුන් පමණි.

මේකත් කින් ඛාන් මත්ලබ් ( ඒ කිවුවේ ) ශාරුක් ඛාන්ගේ මුවි එකක් පට්ට මුවි එකක්. මේ චිත්‍ර‍පටිය ගැන කිවුවොත් ,අධිරාජ්‍යයකුව ( අශෝක රජතුමා) සිට පැවිද්දකු බවට පත්වු පුද්ගලයකුගේ ජීවන චාරිකාවක් ගෙන හැර පාන්නකි.
ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්‍යස්ථානය වූයේ මගධ දේශයයි. රාජ්‍යයන් යටත් කිරීමේ කැමැත්තෙන් පෙළුණු අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය සියැසින්ම දුටුවේය. ඉන් කල කිරීමට පත් වූ ඔහු එවකට පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය. ඉන් පසු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට ඔහු කැපවූයේය. මෙම චිත්‍රපටිය අශෝක අධි රාජ්‍යයාගේ ජීවිතය පිළිබඳ පරිපූර්ණ අතිතය ගෙන හැර නොදක්වන අතර, එය ඔහුගේ චාරිකාව පසු පස යැමට ගත් වැයමකි…
2001 ඔක්තෝම්බර් 26 තිර ගතවු චිත්‍ර‍පටියේ අශෝක අධිරාජ්‍යයාගේ චරිතයට සුපිරි නළු ශාරුක් ඛාන් තම අසහාය රංගනයෙන් දායක වෙයි.තව සුප්‍ර‍කට දෙමළ නළු අජිත් කුමාර් සමග Kareena Kapoor, Danny Denzongpa, Rahul Dev, Hrishita Bhatt සෙසු චරිත වලට රංගනයෙන් දායක වෙයි. ඉන්දීය රුපියල් 28,338,009 මුදලක් හොයපු මෙම චිත්‍ර‍පටිය අති ප්‍ර‍සිද්ධ ගීත කිහිපයකින් සමන්විතය…

Comments