EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

සැණකෙළියේ ගිණිකෙළිය

ඔන්න ඊයේ නිකුත් උන අළුත්ම චිත්‍රපටියක උපසිරැසියක් අද ගෙන එනවා. මේ වසරේ දිගින් දිගටම හිට් වෙන මලයාලි චිත්‍රපට අතර මේකත් හිට් එකක්. කෝටි 30ක බජට් එකකින් කෝටි 71ක් හොයපු මේක කෙළින්ම කොමඩියක්. බැසිල් ජෝශප් නිශ්පාදනය කරල රඟපානව කිව්වම ආයෙ ඉතිං ඒ කොමඩිය ගැන අහන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒක කොමඩියක්ම තමයි.
ටිකක් දිග ධාවන කාලයක් තියෙන මේක පටන් ගන්න කොට ටිකක් හෙමින් කම්මැලි ගතියකින් ගියාට ක්‍රමක්‍රමයෙන් උණුසුම් ලස්සන කතාවක් බවට පත් වෙලා හොඳ ක්ලයිමැක්ස් එකක් එක්ක අවසන් වෙනවා. ඒ නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්.
විශ්ව විද්‍යාලයක කතාවක් මේකෙ තියෙන්නෙ. අළුතෙන් පත් වෙලා එන ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායමක් ඔවුන්ගෙ විශ්ව විද්‍යාලයේ කලින් සිදු වූ මාරාන්තික අනතුරකින් අත් හිටුවා තිබුණු වාර්ෂික සැණකෙළිය නැවත පණ අරඹන්න උත්සාහයක යෙදෙනවා, බැසිල් ජෝශප් හෙවත් සාම් කුට්ටි තම සම්පූර්ණ අධ්‍යන කාල සීමාව වැය කරන්නෙ ඒ සඳහා අවසරය ගන්න. අවසානයේ ඒ අවසරය ලැබෙන කොට ඔවුන් අවසන් වසරේ. ඉතිං ජයටම සංවිධානය කරන මේ සැණ කෙළිය සාර්ථක වෙයිද කියන එක තමයි මේ කතාවෙන් බලන්න වෙන්නෙ.
බැසිල් ජෝශප් එක්ක, ටොවිනෝ තෝමස්, සරීන් ශිහාබ් සමග විනීත් ශ්‍රීණිවාසන් විනීත් ශ්‍රීණිවාසන් හැටියටම ලස්සන රඟපෑමක් කරනවා. ඒ වගේම මෑත් කාලයේ රසික ආදරය දිනාගත් සර්වම් මායා චිත්‍රපටයෙ ඩෙලුලු රියා ශිබූත් මේකෙ ප්‍රධාන චරිතයක් රඟපානවා. අරුන් අනිරුධන්ගෙ අධ්‍යක්ෂණයක්. ඉතිං මේ සති අන්තය මේ ලස්සන චිත්‍රපටයට වැය කලාට පාඩුවක් නෑ

Comments