Avengers Endgame: Encore (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anthony Russo, Joe Russo
Cast
Go Full Cast Pageමිතුරුතුමෝගේ අවසන් සටන නැවතත්.
Avengers: Endgame Encore (2026) කියන්නේ 2019 වසරේ තිරගත වූ Avengers: Endgame චිත්‍රපටයේ විශේෂ නැවත නිකුත් කිරීමකි (Re-release). 2026 සැප්තැම්බර් 25 වන දින ලොව පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළ මෙම සිනමාපටය, 2026 නොවැම්බර් 13 වන දින සිට Disney+ හරහා ද නිකුත් කර ඇත. එළඹෙන Avengers: Doomsday චිත්‍රපටයට පෙර ප්‍රේක්ෂකයන්ට නැවතත් Infinity Saga අවසානය සිහිපත් කිරීම සහ අලුත් කතා මාලාවට පාලමක් සෑදීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Anthony Russo සහ Joe Russo (Russo Brothers) විසින්ම Encore සංස්කරණයට අයත් නව දර්ශන ද අධ්‍යක්ෂණය කර ඇත. Marvel Studios සභාපති Kevin Feige විසින් නිෂ්පාදනය කර ඇති අතර Walt Disney Studios Motion Pictures මගින් බෙදා හැරීම සිදු කර ඇත.Christopher Markus සහ Stephen McFeely විසින් තිර රචනය කර ඇත. Alan Silvestri විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත.
මෙහි ධාවන කාලය (Runtime)ගැන කතා කරොත් මුල් චිත්‍රපටය මිනිත්තු 181ක් වූ අතර, Encore හි සාමාන්‍ය දර්ශන මිනිත්තු 183ක් ද, IMAX සහ Infinity Vision දර්ශන මිනිත්තු 186–187ක් දක්වා ද දීර්ඝ වෙලා තියෙනවා.
Endgame කලින් සංස්කරණයේ නොතිබූ අලුත් කොටස් (New Footage):Encore සංස්කරණයේ විශේෂත්වය වන්නේ Russo සහෝදරයන් විසින් Avengers: Doomsday රූගත කිරීම් අතරතුර රූගත කරන ලද සම්පූර්ණයෙන්ම අලුත් දර්ශන 4ක් මෙයට ඇතුළත් කිරීමයි [විස්තරය කියන්නේ නෑ. ටයිටල් එකක් විතරයි දාන්නේ]
Steve Rogers සහ Peggy Carter ගේ අවසානය වෙනස් වීම:Hulk (Bruce Banner) හමුවට Doctor Doom පැමිණීම:Multiverse එක බිඳ වැටීම (IMAX / Infinity Vision විශේෂ දර්ශනය):අවසාන ශබ්දයේ අර්ථය වෙනස් වීම: 2019 Endgame අවසානයේ credits අවසානයේ ඇසුණු යකඩයකට මිටියකින් ගසන ශබ්දය (Iron Man සන්නාහය සෑදීමේ ශබ්දය), මෙම සංස්කරණයේදී වෙනස් කර ඇත.
Avengers: Doomsday සමඟ ඇති සම්බන්ධය
2026 දෙසැම්බර් 18 වන දින තිරගත වීමට නියමිත Avengers: Doomsday චිත්‍රපටයේ කතාව ආරම්භ වන පසුබිම මෙම Encore දර්ශන හරහා සෘජුවම ගොඩනගා ඇත. Endgame අවසානයේ Steve Rogers අතීතයට ගොස් Peggy Carter සමඟ ජීවත් වීම නිසා ඇති වූ කාලරේඛා වෙනස්කම් (Timeline branches) සහ Multiverse ගැටලු Doomsday හි ප්‍රධාන තේමාවක් වන බව තහවුරු වේ.
Tony Stark ලෙසින් අප දුටු Robert Downey Jr., මෙවර Victor von Doom / Doctor Doom ලෙසින් ප්‍රධාන සතුරාගේ චරිතයට පණ පොවන අතර, ඔහු Avengers, X-Men සහ Fantastic Four කණ්ඩායම්වලට එරෙහිව නැගී සිටින ආකාරය මෙමඟින් ඉඟි කරයි.
Avengers: Endgame බැලීමට පෙර නැරඹිය යුතු චිත්‍රපට:
Endgame (සහ Encore) කතාව සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට නම් Marvel Cinematic Universe (MCU) හි Infinity Saga (Phase 1 – 3) චිත්‍රපට පිළිවෙලට නැරඹිය යුතුය:
• Iron Man (2008)
• The Incredible Hulk (2008)
• Iron Man 2 (2010)
• Thor (2011)
• Captain America: The First Avenger (2011)
• The Avengers (2012)
7. Iron Man 3 (2013) 8. Thor: The Dark World (2013) 9. Captain America: The Winter Soldier (2014) 10. Guardians of the Galaxy (2014) 11. Avengers: Age of Ultron (2015) 12. Ant-Man (2015)
13. Captain America: Civil War (2016) 14. Doctor Strange (2016) 15. Guardians of the Galaxy Vol. 2 (2017) 16. Spider-Man: Homecoming (2017) 17. Thor: Ragnarok (2017) 18. Black Panther (2018) 19. Avengers: Infinity War (2018) 20. Ant-Man and the Wasp (2018) 21. Captain Marvel (2019)
(ඔයා Encore සංස්කරණය බලනවනම්, එහි ඇති අලුත් දර්ශන තේරුම් ගැනීමට Loki (Season 1 & 2) කතා මාලාව නරඹා තිබීම ඉතා වැදගත් වේ.)
Box Office වාර්තාව යළි අත්පත් කර ගැනීම:
2019 දී Endgame ලොව වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය වුවත්, පසුව Avatar (2009) නැවත නිකුත් කිරීමත් සමඟ එම වාර්තාව Avatar සතු විය ($2.923 බිලියන). නමුත් 2026 සැප්තැම්බර් මාසයේ තිරගත වූ Avengers: Endgame Encore හරහා ඩොලර් මිලියන 142.9ක අමතර ආදායමක් උපයා ගැනීමත් සමඟ, මුළු ආදායම ඩොලර් බිලියන 2.942 දක්වා ඉහළ ගොස් නැවත වරක් ලොව වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස කිරුළ පැළඳීමට Endgame සමත් විය.
Ratings:මුල් චිත්‍රපටයට IMDb 8.4/10, Rotten Tomatoes 94% (Critics) සහ Metacritic 78/100 වැනි ඉහළම අගයන් ලැබී ඇත.
විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර:
Encore නිකුත් වූ පළමු සති අන්තයේදීම ඇමරිකාවේ Box Office පළමු ස්ථානයට පත් විය. කෙසේ වෙතත්, විචාරකයන්ගෙන් මේ සඳහා ලැබුණේ මිශ්‍ර ප්රතිචාරයකි. සිනමාහලක නැවතත් Endgame නැරඹීමට ලැබීම ප්‍රේක්ෂකයන් ඉහළින්ම අගය කළද, Steve සහ Peggy ගේ සුන්දර අවසානයට Loki මැදිහත් වීම නිසා මුල් චිත්‍රපටයේ තිබූ හැඟීම්බර බවට (Emotional impact) යම් හානියක් වූ බව ඇතැම් විචාරකයන් පෙන්වා දුන්හ.
වර්ණ සංයෝජනය (Color Grading):
2019 සංස්කරණයට වඩා Encore සංස්කරණයේ දර්ශන වඩාත් පැහැදිලි සහ තද වර්ණවලින් (More saturated color grading) යුතුව නැවත සකස් කර ඇත.
චීනයේ වාර්තාව:
Encore සඳහා වැඩිම ආදායමක් (ඩොලර් මිලියන 21.3ක්) ලැබී ඇත්තේ චීනයෙන් වන අතර, ඉන්දියාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල මෙතෙක් නැවත නිකුත් කළ (Re-release) චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය බවට ද මෙය පත් විය.
උපසිරැසියේ විශේෂත්වය:
මේකට සිංහල උපසිරැසි ගැන්වීම සිදුකරලා තිබුනේ නිදහස් උපසිරැසි ලබාදුන් මුල් පුරවැසියා වන රොයිලි ප්‍රනාන්දු සහෝදරයා. මේ පිටපත සඳහා මා උපසිරැසි සකස් කළද එහි මුල් අයිතිය සහ ගෞරවය ලැබෙන්න ඕනේ රොයිලි සහෝදරයා වෙතය.
මා විසින් සිදුකර ඇත්තේ අමතර කොටස් සඳහා උපසිරැසි සැකසීම සහ Time Synchronize කිරීම පමණක් බව කරුණාවේන් සලකන්න.











