EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ටෝකියෝව හෙල්ලූ ඒ අද්භූත බෝම්බකරු! 🎬💥

ඔන්න ඉතින් Cinesubz යාළුවනේ… අද අපි කතා කරන්නේ ජපානයෙන් ආපු, මෑතකදී සෑහෙන්න කතාබහට ලක්වුණු සුපිරිම Mystery & Thriller මූවී එකක් ගැන! ඒ තමයි Bakudan (2025).
හිතන්නකෝ… රෑ ටෝකියෝ නගරයේ වීදියක ඉන්න අමුතුම විදිහේ මිනිහෙක්ව පොලිස් නිලධාරීන් දෙන්නෙකුට මුණගැහෙනවා. vending machine එකක් ගාව ලොකු රණ්ඩුවක් දාගෙන හිටපු මේ මිනිහව අත්අඩංගුවට අරන් station එකට ගෙනාවමයි වැඩේ පටන් ගන්නේ.
තමන්ගේ නම “Suzuki” කියලා හඳුන්වා දෙන මේ මනුස්සයා හරිම සන්සුන්ව කියනවා — “මං ටෝකියෝව පුරාම බෝම්බ හයි කරලා තියෙන්නේ” කියලා! 😱 මුලදී පොලිසිය මේක විහිළුවකට ගත්තත්, සුසුකි කියපු වෙලාවටම, කියපු විදිහටම බෝම්බ පිපිරෙන්න ගත්තම මුළු පොලිසියම හෙල්ලෙනවා.
Suzuki (Jiro Sato): මේ චරිතය ඇත්තටම Masterpiece මට්ටමේ එකක්. හිනා වුණාට ඇතුළේ ලොකු අඳුරු පැත්තක් තියෙන සුසුකිව ෆෑන්ස්ලා හඳුන්වන්නේ “Japanese Joker” කියලා. IMDB 7.4ක් ලැබෙන්න ප්‍රධානම හේතුව මෙයාගේ මේ පිස්සු වට්ටන රංගනයයි.
Sara & Yabuki: මේ interrogation room එක ඇතුළේ සුසුකි එක්ක ගැටෙන පොලිස් නිලධාරීන් දෙන්නා. කතාවේ tension එක උපරිමයට අරන් යන්නේ මුන් දෙන්නා. ⏱️
මේකේ හොලිවුඩ් වගේ ලොකු action නැති වුණාට, ඊටත් වඩා Intense අත්දැකීමක් දෙනවා.
චිත්‍රපටයෙන් අඩකට වඩා තියෙන්නේ ප්‍රශ්න කිරීම් කාමරයක වුණත්, පොඩ්ඩක්වත් කම්මැලි නැහැ. 🧠
සුසුකි දෙන ප්‍රහේලිකා විසඳන ගමන්, මෙයා ඇත්තටම ත්‍රස්තවාදියෙක්ද නැත්නම් වෙනත් අරමුණක් තියෙන කෙනෙක්ද කියලා හොයන එක හරිම කුතුහලයක්.
ඔයාලා “Se7en” වගේ psychological movies වලට ආස නම්, මේක නියම choice එකක්.
✅ Final Verdict ජපන් thrillers වලට ආස අයට සහ වෙනස්ම විදිහක fresh අත්දැකීමක් ඕන අයට Bakudan කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්! දැනටමත් cinesubz හරහා බලන්න පුළුවන්.
🎬 අලුත් movies සහ TV series updates ඉක්මනටම දැනගන්න Cinesubz Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා! ❤️

Comments