අම්මා හොයන ගමන

තාත්තා වන අලියෙක් ගහලා මැරුණට පස්සේ අම්මත් එක්ක ජීවත් වෙන්න නගරයට එන නව යොවුන් වියේ කොල්ලෙක්, පොලිසියෙන් කරපු බොරු චෝදනාවකට අම්මව හිරේ දාලා මානසික රෝහලකට යැව්වට පස්සේ තනිවෙනවා. තමන්ගේ අම්මා කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැතුව පාරවල් ගානේ රස්තියාදු වෙවී අම්මව හොයන මේ කොල්ලාගේ අසරණ ගමනින්, අහිංසක දුප්පත් මිනිස්සුන්ට නීතියෙන් සහ සමාජයෙන් සිද්ධ වෙන අසාධාරණය හරිම සංවේදීව පෙන්නුම් කරනවා.
අපේ සමාජයේ වුණත් දුප්පත්කම සහ අසරණකම නිසා නීතියෙන් පිහිටක් නැතුව අසරණ වෙන මිනිස්සු ඕන තරම් ඉන්න බව මතක් කරන මේ කතාවේ, අම්මව හොයාගෙන යන කොල්ලාගේ ඇස්වල තියෙන වේදනාවත්, දූෂිත පොලිස් නිලධාරීන්ගෙන් ඒ අම්මා විඳින වධ බන්ධනුත් දකිද්දී ඕනෑම කෙනෙක්ගේ ඇසට කඳුළක් එනවා. මලයාලම් සිනමාවේ ත්‍රාසජනක සහ හැඟීම්බර කතාවලට නියමෙටම ගැළපෙන ටොවිනෝ තෝමස්ගේ රංගනයත් එක්ක අධ්‍යක්ෂ චිදම්බරම් මේ කතාව හරිම තාත්විකව කැමරාවට අරන් තියෙනවා. හදවතටම දැනෙන, කුතුහලයෙන් පිරුණු වෙනස්ම විදිහේ මලයාලම් සිනමා අත්දැකීමක් විඳගන්න ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එක බලන්න එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා!

Comments

August 3, 2026

thank you cinesubs….