EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageපාවාදීම
වෘත්තීමය ඝාතක කාන්තාවක් තමන්ට ලැබුණු විශේෂ මෙහෙයුමක් වෙනුවෙන් බැලේ නර්තනය පුහුණු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ අතරතුර ඇය වැඩ කරන රහසිගත සංවිධානයේ හිටපු ඔත්තුකාරයෙක්ගේ පාවාදීමක් නිසා ඇගේ කණ්ඩායමේ හැමෝම අමානුෂික විදියට ඝාතනය වෙනවා. ජීවිතේ බේරගෙන එතනින් පැනලා යන ඇය, ඒ පාවාදීම කරපු අයගෙනි, සතුරන්ගෙනි පළිගන්න ඒ නර්තන කණ්ඩායම හරහාම නැවත රහසින් පැමිණෙනවා.
Michael Su ගේ අධ්යක්ෂණයෙන් ආපු මේ චිත්රපටය Action ශානරයට අයිති වෙන B-Movie එකක්. ඒ කියන්නේ දැවැන්ත හොලිවුඩ් චිත්රපටවලට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරපු ස්වාධීන නිර්මාණයක්. Dominic Keating, Preet Kaur සහ Winston Salk ඇතුළු පිරිසක් මෙහි රඟපානවා.
නමින් ජෝන් වික් විශ්වයේ චිත්රපටවලට තරමක් සමාන බවක් පෙනුණත්, මේක ඒ කිසිම කතාවකට සම්බන්ධ නැති තනි ස්වාධීන නිර්මාණයක්. බජට් එක අඩු නිසා IMDb දර්ශකයේ 3.1 ක වගේ අඩු අගයක් ලැබිලා තිබුණත්, නර්තනය සහ සටන් කලාව මුසු වුණු වෙනස් විදියේ පළිගැනීමේ කතාවක් බලන්න කැමති අයට නැරඹිය හැකි චිත්රපටයක්.






