බැට්මෑන්ගේ ඇදවැටීම

ඔන්න අද මම අරන් ආවේ DC Comics වල 1993-94 සුප්‍රකට “Knightfall” කතා මාලාව ඇසුරෙන් නිර්මාණය වුණු Batman: Knightfall – Part 1: Knightfall කියන පට්ටම Adult Animated ෆිල්ම් එකයි!
කතාව ගැන කිව්වොත්, බේන් විසින් ආකැම් හිරගෙදර හිටපු දරුණුම අපරාධකාරයෝ සේරම නිදහස් කරනවා. ගෝතම් නගරය බේරගන්න ඒ හැමෝම එක්ක එක දිගට සටන් කරන්න ගිහින් බැට්මෑන් අන්තයටම ශාරීරිකව සහ මානසිකව හෙම්බත් වෙන විදිය තමයි මේ පළමු කොටසින් දිගහැරෙන්නේ.
කොටස් තුනකින් යුත් මේ කතා මාලාවේ පළමු දිගහැරුම DC fansලා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්! එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments

August 29, 2026

Superb ❤️‍🔥❤️‍🔥

August 31, 2026

වෙන මහන්සියට respect cinesubz team එකටම.🔥❤️