මිනීමරුවෙකුගේ අතකොළුවක් වූ පුංචි මාටින්!

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ අපි හැමෝම ගොඩක් ආස කරන සුරූපි ඇලෙක්සැන්ඩ්‍රා ඩඩ්ඩාරියෝ අක්කගේ චිත්‍රපටයක්. මේක 2010 වසරේ තමයි නිකුත් වුණේ. Crime | Horror | Thriller වර්ගයන්ට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිශ්පාදනය කියන ඔක්කොම Stevan Mena අතින් තමයි සිද්ධ වෙන්නේ. 2004 දී ආපු Malevolence ෆිල්ම් එකේ Prequel එක තමයි මේ, ඒ කියන්නේ පළවෙනි ෆිල්ම් එකේ කතාවට කලින් සිද්ධ වුණු දේවල් තමා මේකෙන් පෙන්වන්නේ.
ගොඩක් කාලෙකට කලින් ජොනතන් මිලර් සහ එයාගේ සහෝදරයා අතරේ බොහොම විශේෂ පොරොන්දුවක් ඇති කරගන්නවා. ඒ තමයි ඒ දෙන්නගෙන් කාටහරි මොනම හරි කරදරයක් වුණොත්, ඉතිරි වෙන කෙනා අනිත් කෙනාගේ දරුවන්ව බලාගන්න ඕන කියන එක.
​කොහොම හරි හිතන්නේ නැති වෙලාවක සිද්ධ වුණ අවාසනාවන්ත සිදුවීමකින් ජොනතන්ගේ සහෝදරයා විතරක් නෙවෙයි, එයාගේ බිරිඳත් මිය යනවා. අන්තිමට ඉතිරි වෙන්නේ ඒ දෙන්නගේ එකම දරුවා වුණු ඇලිසන් විතරයි. තමන් වුණු ඒ පොරොන්දුව ඒ විදිහටම රකින්න හිතාගෙන, ජොනතන් ඇලිසන්ව තමන් ජීවත් වෙන ප්‍රදේශයට එක්කගෙන එනවා.
​හැබැයි, කාලෙක ඉදන් ඒ ප්‍රදේශයේ පුද්ගල අතුරුදන් වීම් එහෙමත් සිද්ධ වෙනවා. දවසක් ඇලිසන් ජොගින් කරන්න එළියට ආපු වෙලාවක, එයාගේ මාමා “මොනම හේතුවකටවත් යන්න එපා!” කියලා තහනම් කරලා තිබුණු තැනකට මෙයා යනවා. ඊට පස්සේ… හරි ඔය ඇති… ඉතිරි ටික බලලම දැනගන්නකෝ!
නරඹන්නන්ගේ අවධානයට,
​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,
• අතිශය දරුණු ප්‍රචණ්ඩත්වය
• ලේ වැගිරිම්
(ඒ නිසා මේක කුඩා දරුවන් එක්ක බලන්න නිර්දේශ කරන්නේ නෑ, වයස අවුරුදු 18ට වැඩි අයට තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ වගේම සංවේදී අයට නම් බලන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. )

Comments