2026 වසරේ සිනමාශාලා වල තිරගත වෙලා දැන් සුපිරිම සී5 හරහා ඩිජිටල් පිටපත නිකුත් කරපු Bharat Bhhagya Viddhaata හින්දි චිත්‍රපටය තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ. Historical, Drama සහ Thriller ගණයට අයත් වෙන මේ සිනමාපටය නිකුත් වුණු දවසේ ඉඳන් ප්‍රේක්ෂකයන් අතරේ ලොකු කතාබහකට ලක්වුණා. ඒ වගේම තමයි මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.5/10 ක හොඳ ප්‍රතිචාරයක් දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඉතින් කුතුහලයෙන් පිරුණු සත්‍ය කතාවක් බලන්න ආස කරන ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම ලස්සන චිත්‍රපටයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදුකර තිබෙන්නේ ජනප්‍රිය සිනමා නිර්මාණකරුවෙක් වන Manoj Tapadia විසින්. මීට පෙර බොලිවුඩයේ ජනප්‍රිය වුණු Cheeni Kum වැනි විශිෂ්ට චිත්‍රපට සඳහා ගීත රචනයෙන් සහ විවිධ නිර්මාණ සඳහා දායකත්වය ලබාදී තිෙෙනවා. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ බොලිවුඩයේ ඉන්න දක්ෂතම මෙන්ම ජාතික සම්මානලාභී නිළියක් වන Kangana Ranaut. ඇය මීට පෙර Queen, Manikarnika සහ Thalaivii වැනි සුපිරි ජනප්‍රිය සිනමාපට හරහා තමන්ගේ රංගන ප්‍රතිභාව ලෝකයටම පෙන්නපු නිළියක්. ඇයට අමතරව Taare Zameen Par සහ Jawan වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට හරහා රසිකයින් ආදරය දිනාගත් Girija Oak සහ Singham Returns චිත්‍රපටයේ අපූරු රංගනයක නිරත වුණු Smita Tambe යන ප්‍රධාන නිළියන් එකතුව මේ චිත්‍රපටයට සැබෑ ජීවයක් ලබා දීලා තියෙනවා.
කතාව පැත්තට හැරුණොත්, 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල වුණු දරුණු ත්‍රස්ත ප්‍රහාරය (26/11 attacks) පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. නමුත් හැමදාම දකින හමුදා මෙහෙයුම් ගැන කියවෙන කතාවක් නෙවෙයි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මුම්බායි හි “කාමා රෝහල” (Cama Hospital) ඇතුළේ කොටුවුණු වෛද්‍යවරුන්, හෙදියන්, සහ රෝහල් කාර්ය මණ්ඩලය, තමන්ගේ ජීවිත පවා පරදුවට තබා එහි සිටි අහිංසක රෝගීන් සහ දරුවන් 400 කට අධික පිරිසකගේ ජීවිත බේරාගන්න කරපු අප්‍රසිද්ධ සහ වීරෝදාර සටන තමයි මේ කතාවෙන් දිගහැරෙන්නේ. කිසිදු ආයුධයක් අතේ නැතිව, මාරයා පෙනි පෙනී, ත්‍රස්තවාදීන්ගෙන් රෝගීන්ව ආරක්ෂා කරගන්න ඔවුන් යොදන උපායවල් සහ ඒ අවස්ථාවේ ඇතිවන දරුණු තිගැස්ම චිත්‍රපටය අවසාන වෙනකම්ම බලාගන්න පුළුවන්.
ඉතින් මේ ලස්සන, සංවේදී වගේම කුතුහලයෙන් පිරුණු සිනමාපටය සිංහල උපසිරැසි සහිත වීඩියෝව සමඟින් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. Cinesubz.lk අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි සහිත වීඩියෝව දැන් Download කරගන්න පුළුවන්.

Comments