EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

A grand martial arts feast is back!

ඔන්න ඉතින් Cinesubz යාලුවනේ…
කොහොමද ඔයාලට? කාලෙකට පස්සේ අද අපි ආයේ ආවා ඔයාලට සුපිරිම ෆිල්ම් එකක් ගැන විස්තර අරගෙන.
ෆිල්ම් පිස්සෝ විදිහට ඔයාලා හැමෝම අලුත් දේවල් බලන්න ගොඩක් ආසයිනේ.හරි එහෙනම් අද අපි කතා කරන්න යන්නේ අලුතින්ම ආපු නියම Action ෆිල්ම් එකක් ගැන.
මේ ෆිල්ම් එකේ නම තමයි ‘Blades of the Guardians (2026)’. මේක සුපිරිම චීන Martial Arts සහ Action ගණයට අයිති වෙන ෆිල්ම් එකක්.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. මේකෙ ප්‍රධාන චරිතය තමයි ‘දාඕ මා’ (Dao Ma). එයා රටේ ඉන්න භයානකම අපරාධකාරයෙක් වගේම දක්ෂ රණශූරයෙක්. දවසක් මෙයාට ලොකු වැඩක් භාර දෙනවා. ඒ තමයි තවත් ලොකු අපරාධකාරයෙක්ව ආරක්ෂිතව ඈත තියෙන චැංග්ආන් (Chang’an) කියන නගරයට අරන් යන එක. හැබැයි මේ ගමන නිකන්ම නිකන් ට්‍රිප් එකක් නම් නෙවෙයි. පාර පුරාම සතුරෝ පිරිලා ඉන්නවා. ඉතින් මේ භයානක ගමන යන්න පුළුවන් වෙයිද? අතරමගදි මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද? අන්න ඒ ටික තමයි මුළු කතාවෙම තියෙන්නේ.
මේ ෆිල්ම් එක විශේෂ වෙන්න ප්‍රධානම හේතුව තමයි මේකෙ තියෙන සුපිරි සටන් ජවනිකා.
අපේ කවුරුත් ආදරේ කරන ජෙට් ලී (Jet Li),
වු ජිං (Wu Jing) වගේම නිකලස් සේ (Nicholas Tse) වගේ සුපිරි නළු සෙට් එකක්ම මේකෙ ඉන්නවා.
ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරන්නේ සටන් කලාවේ ප්‍රවීණයෙක් වෙන Yuen Woo-Ping විසින්.
ඉතින් Action ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. කඩුවලින් කරන සටන්, කැමරාකරණය, ඒ වගේම background music එහෙමත් පිස්සු හැදෙන මට්ටමක තියෙනවා.ප්‍රධාන චරිතය ගැන කිව්වොත්, දාඕ මා කියන්නේ හරිම රළු, හැබැයි තමන්ගේ ප්‍රතිපත්ති වලට වැඩ කරන කෙනෙක්. එයාගේ වැඩ කෑලි ටික නම් බලන්නම වටිනවා. යාළුවොත් එක්ක එකතු වෙලා කෑ ගහගෙන බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක්.
ඔයා Action, Martial arts ෆිල්ම් වලට ආස කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්නම ඕනේ ෆිල්ම් එකක්. කම්මැලි නැතුව මුල ඉඳන් අගටම එක දිගට බලන්න පුළුවන් කියල අපි සහතික වෙනවා.අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න අපේ Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා. ජය වේවා!

Comments