EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කරාටේ කලාවට දක්ෂ සාමාන්‍ය පවුල

Blast (2026) ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක සුපිරි Action සහ පවුලේ සෙට් එක වටා යන ලස්සන Tamil ෆිල්ම් එකක්. කිසිම Spoiler එකක් නැතුව සරලවම කතාව මෙන්න මෙහෙමයි යන්නේ.
කතාවේ ප්‍රධාන චරිතය “නිලා”. එයා සාමාන්‍ය IT ජොබ් එකක් කරන, හැබැයි පට්ට ධෛර්යවන්ත කෙල්ලෙක්. නිලා මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව එයාගේ තාත්තා. තාත්තා පොඩි කාලේ ඉඳන්ම නිලාට කියලා දීලා තියෙන්නේ මොන ප්‍රශ්නයක් ආවත් අසාධාරණයට විරුද්ධව කෙළින් කෙළින්ම නැගී සිටින්න කියලා. ඒ විතරක් නෙමෙයි, නිලා කියන්නේ සටන් කලාවන් (Martial Arts) පට්ට ලස්සනට පුළුවන් කෙල්ලෙක්. ඉතින් එයා පාරේ තොටේ වෙන වැරදි වැඩවලට මැදිහත් වෙලා චණ්ඩින්ට පවා හොඳ පාඩම් උගන්වනවා.
ඇත්තටම නිලා විතරක් නෙමෙයි, එයාගේ මුළු පවුලම අමුතුම සෙට් එකක්. බැලූ බැල්මට සාමාන්‍ය පවුලක් වගේ පෙනුණට, නිලාගේ තාත්තා වගේම අම්මත් සටන් කලාව උපරිමයටම දන්නා, අවශ්‍ය වුණොත් ඕනෑම කෙනෙක් කුඩු වෙන්න ගහන්න පුළුවන් සුපිරි චරිත.
ඔහොම ඉන්නකොට තමයි කතාව ලොකු වෙනසක් වෙන්නේ. සමාජයේ ඉන්න දරුණු මැර කල්ලි සහ දූෂිත මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් මේ පවුල දෙසට කැරකිලා එනවා. තමන්ට කෙළින්ම සම්බන්ධයක් නැති වුණත්, වෙන අසාධාරණයකට මැදිහත් වීම නිසා නිලා සහ එයාගේ පවුලේ අය මේ මැරයන්ගේ ටාගට් එකක් බවට පත්වෙනවා.
එතනින් එහාට තමන්ගේ පවුල බේරගන්න මේ හැමෝටම තමන්ගේ සාමාන්‍ය ජීවිතයෙන් මිදිලා නපුරු බලවේගවලට විරුද්ධව සටන් කරන්න වෙනවා. සාමාන්‍ය විදිහට හිටපු මේ පවුලේ අය, තමන්ගේ ගෙදරටම කඩා වදින මැරයන්ට දරුණු ප්‍රහාර එල්ල කරමින් මුහුණ දෙන හැටි සහ තමන්ව ආරක්ෂා කරගන්න කරන සුපිරි ෆයිට් එක තමයි “Blast” ෆිල්ම් එකේ තියෙන්නේ. එක දිගට කුතුහලයෙන් බලන්න පුළුවන් මරු ෆිල්ම් එකක්.

Comments