EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

සහයකයා සොයා..

ඔන්න ඉතින් ආයෙත් සැරයක් අපි හැමෝම හිනා ගස්සන්න, ඒ වගේම ටිකක් වෙනස් විදිහේ පිස්සු Action අත්දැකීමක් දෙන්න “Blind Cop 2” ෆිල්ම් එක මේ අවුරුද්දේ (2026) රිලීස් වෙලා තියෙනවා. පලවෙනි ෆිල්ම් එක බලපු අයට මතක ඇතිනේ මේ පොලිස්කාරයාගේ හැටි. ඇස් පේන්නෙ නැති වුණාට වැඩියෙන්ම වෙඩි තියන්නේ, වැඩියෙන්ම වාහන හප්පන්නේ මෙයා තමයි. ඉතින් දෙවෙනි ෆිල්ම් එකෙත් ඒ පිස්සුව එහෙම්මම තියෙනවා, හැබැයි පලවෙනි එකටත් වඩා ගොඩක් ලොකුවට!
මේක අර අපි සාමාන්‍යයෙන් බලන සීරියස් ගණයේ Action ෆිල්ම් එකක් නම් නෙවෙයි. මේක ගොඩක් දුරට 80-90 දශකවල ආපු හොලිවුඩ් පොලිස් ෆිල්ම් වලට හිනාවෙන (spoof) ෆිල්ම් එකක්. ඇස් පේන්නේ නැති මනුස්සයෙක් කොහොමද තුවක්කුවක් අරගෙන අපරාධකාරයෝ පස්සේ පන්නන්නේ කියන එක ඇහුවමත් හිනා යනවනේ.
මේ පාර අපේ Blind Cop ට සිද්ධ වෙනවා කලින්ට වඩා ලොකු අපරාධ ජාලයක් එක්ක හැප්පෙන්න. ඇස් පේන්නේ නැති නිසා එයා අතින් වෙන වැරදීම්, එයාගේ සහයකයා (Partner) එක්ක තියෙන කතාබහ, වගේම අහම්බෙන් වගේ අපරාධකාරයන්ට ගහන ගුටි පූජාවන් මේ ෆිල්ම් එක පුරාවටම තියෙනවා.
• ෆිල්ම් එකේ ලොකුම ප්ලස් පොයින්ට් එක තමයි මේකේ තියෙන විහිළු. සීරියස් වෙලාවක වුණත් ඇස් පේන්නේ නැති කම නිසා වෙන අවුල් සහගත දේවල් මාරම විදිහට හිනා යන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා.
ෆිල්ම් එකේ ලොකුම ප්ලස් පොයින්ට් එක තමයි මේකේ තියෙන විහිළු. සීරියස් වෙලාවක වුණත් ඇස් පේන්නේ නැති කම නිසා වෙන අවුල් සහගත දේවල් මාරම විදිහට හිනා යන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා.
• කතාවේ ලොකු තාර්කික බවක් (Logic) හොයන්න යන්න එපා. මොකද මේක හදලම තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට ආතල් එකක් දෙන්න මිසක්, ඔලුව වෙහෙසලා බලන්න නෙවෙයි.
කතාවේ ලොකු තාර්කික බවක් (Logic) හොයන්න යන්න එපා. මොකද මේක හදලම තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට ආතල් එකක් දෙන්න මිසක්, ඔලුව වෙහෙසලා බලන්න නෙවෙයි.
• ප්‍රධාන නළුවා තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඇස් පේන්නේ නැති කෙනෙක් වගේ රඟපාන ගමන් ඇක්ෂන් සීන් කරන එක ලේසි නෑනේ.
ප්‍රධාන නළුවා තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඇස් පේන්නේ නැති කෙනෙක් වගේ රඟපාන ගමන් ඇක්ෂන් සීන් කරන එක ලේසි නෑනේ.

Comments