EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageමගේ සඳ ඔබයි
මේ ෆිල්ම් එකේ ඉන්දියාවේ තිරගත වීම ඇරඹුණේ පසුගිය මැයි 22 වෙනිදා. මිනිත්තු 145ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක Dharma Productions නිෂ්පාදනයක්. කතාව සහ අධ්‍යක්ෂණය Vivek Soni. ප්‍රධාන චරිත නිරූපණය Lakshya සමඟින් Ananya Panday. ෆිල්ම් එක මේ වෙද්දි ඉන්දියානු රුපියල් කෝටි 37ක් උපයා තියෙනවා වගේම IMDb මීටරය 7.7ක් වෙනකන් කරකවලා තියෙනවා.
කතාව spoil නොකර කෙටියෙන්ම කිව්වොත්, යන්තමින් තරුණ වයසට එළඹුණ ගමන්ම හිත්වල ඇතිවෙන සැබෑ ආදරය සහ නොමේරුකම නිසා අරගන්න වැරදි තීරණවලින් ලස්සන තරුණ ජීවිත වෙනස් වෙන්නෙ කොහොමද කියන එක ගැන රෝමාන්තික සහ ආදර්ශමත් විදිහට දැනෙන්නම කතා කරලා තියෙනවා. විනාඩි 145 ඇතුළෙ බලන්න ලොකු දෙයක් නිර්මාණය කරලා තියෙනවා, මට පෞද්ගලිකව කිසිම මොහොතක කම්මැලිකමක් දැනුණෙ නෑ. ඇත්තම කිව්වොත් පහුගිය කාලේ ලොකුවටම hype වුණු බොහෝමයක් හින්දි ලව් ස්ටෝරි වලට වඩා මට මේක සුපිරියි.
එහෙනම් ඉතින් Chand Mera Dil බලලාම මං කියන දේ ඇත්තද, බොරුද කියලා තීරණය කරන්න.







