EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Born for Music

සුභ දවසක් යාළුවනේ ඔන්න අද මම අරන් ආවේ දෙමළ සිනමාවෙන් නිකුත් කරපු charukesi ෆිල්ම් එකට සබ් එකක් අරගෙනයි
මම වැඩි විස්තර නැතුව කතාවේ වෙන්නේ මොකද්ද කියලා කියන්නම්
Charukesi කියන්නේ කාලෙකට කලින් රටම දන්න හිටපු Carnatic ගායකයෙක්. ඒත් දැන් වයසත් එක්ක එයාට වැළඳිලා තියෙන්නේ Alzheimer’s රෝගය. මතකය සෙමින් මැකිලා යනවා.
මතකය එක්කම මැකෙන්න පටන් ගන්නේ ගෙදර රහස් සහ අවුරුදු ගාණක් තිස්සේ කැඩිලා තිබ්බ පුතා එක්ක තිබ්බ බැඳීම ඉතින් මේ පුතාට ඕන තාත්තාගේ නමේ සෙවනැල්ල නැතුව තමන්ගේම අනන්‍යතාවයක් හදාගන්න. ඒ අතරේ සැඟවුණු ඇත්ත එළියට එද්දි පවුල කැඩිලා යන්නම යනවා.
එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද? සංගීතය විතරයි.
මතකය නැති උනාට, වචන නැති උනාට, සංගීතය විතරක් ඉතුරු වෙනවා. ඒ තමයි ආදරේ, සමාව දීම, සහ ආපහු එකතු වෙන්න තියෙන අවසාන පාලම වෙන්නේ.
මොකක්ද ෆිල්ම් එකේ විශේෂේ? – YG Mahendra ගේ රංගනය – Alzheimer’s රෝගියෙක්ගේ වේදනාව ඇත්තටම දැනෙනවා – සංගීතය – Deva ගේ සංගීතය + Shankar Mahadevan ගේ ගායනය. Carnatic fans ලට මේක මරු ෆිල්ම් එකක් – Theme – මතකය නැති උනාට ආදරය මතක තියෙනවද? පවුලක් කියන්නේ මොකක්ද?
ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලලා මේ රහස මොකද්ද කියලා බලලා රසවිඳින්න කියලා

Comments