කඳුළු මැද පිපුණු ආදර මලක්

අද අපි ⁠ cinesubz.lk ⁠ වෙතින් අරගෙන ආවේ කිරන් අබ්බාරම් සහ ශ්‍රී ගෞරි ප්‍රියා රංගනයෙන් දායක වන ⁠ චෙන්නායි ලව් ස්ටෝරි ⁠ චිත්‍රපටයට සිංහල උපසිරැසි. පැය 3ක පමණ කාලයක් දිවෙන මේ චිත්‍රපටය 2026 ජූලි 24 වෙනිදා තිරගත වුනා. රවි නම්බූරි අධ්‍යක්ෂණය කරන මේ ආදර නාට්‍යය නිෂ්පාදනය කරන්නේ එස්.කේ.එන් සහ සායි රාජේෂ් විසින්. සංගීතය මනී ශර්මා, කැමරාකරණය විස්වාස් ඩැනියෙල් සහ සංස්කරණය සන්තෝෂ් නායිඩු විසින් සිදු කරනවා.
කතාව
ජීවිතේ ලොකු කම්පනයකට ලක් වෙලා චෙන්නායි වලට එන නිවෙදීතා ගේ ජීවිතේට ලොකු සිනමා අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න හීන දකින ස්ටීවන් ශංකර් මුණගැහෙනවා. මුලදී දෙන්නට දෙන්න අල්ලන්නේ නැතත් කාලයත් එක්ක ඇති වෙන ආදරය, ආයෙත් එන ප්‍රශ්නයක් නිසා කඩා වැටෙනවා. චිත්‍රපටයේ පළවෙනි කොටස මනී ශර්මා ගේ හදවතට වදින සංගීතයයි, ශ්‍රී ගෞරි ප්‍රියා ගේ අපූරු චිත්තවේගී රංගනයයි, කිරන් ගේ සංයමයෙන් යුත් රංගනයයි නිසා ගොඩක් වටිනවා. හැබැයි දෙවෙනි කොටස ටිකක් සැහැල්ලු හාස්‍යයට යන නිසයි, නිකුත් වෙන්න කලින්ම ලොකු හැරවුම් ලක්ෂය එළියට ආව නිසයි අතරමැදි කොටසයි අවසානයයි බලාපොරොත්තු තරම් බලපෑමක් කරන්නේ නෑ. සමස්තයක් විදියට ⁠ චෙන්නායි ලව් ස්ටෝරි ⁠ කියන්නේ හොඳ ආදර කතාවක්. පළවෙනි කොටස හැමෝටම අල්ලයි, ඒත් දෙවෙනි කොටසයි අවසානයයි ඔබ කොහොම ගන්නවාද කියන එක මත තමයි මේකේ වටිනාකම තීරණය වෙන්නේ.
ඉතින් මේ චිත්‍රපටය බලලා ඔබගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න🩷🌝

Comments