මුම්බායි පාතාලයේ මේ මත්ද්‍රව්‍ය ජාලය

මුම්බායි පාතාලයේ අඳුරු පැත්තක් ගැන ලියවුණු කතාවක් බලන්න ආසාවෙන් ඉන්න අයට මෙන්න නියම කතාවක්. ශ්‍රාවන් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරපු Cocaine කියන 2026 අවුරුද්දේ රිලීස් වුණු සුපිරි ක්‍රයිම් ත්‍රිලර් සහ ඇක්ෂන් සිනමාපටය දැන් JioHotstar ඔස්සේ නරඹන්න පුළුවන්. IMDb දර්ශකයේ 6.9 ක ඉහළ අගයක් ලබාගන්න සමත් වුණු මේ නිර්මාණය සඳහා අභිමන්‍යු සිං, අශෝක් සමර්ත් සහ නිසාර් ඛාන් ඇතුළු දක්ෂ නළු පිරිසක් තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා.
කතාව පැත්තට හැරුණොත්, මුම්බායි නගරයේ මත්ද්‍රව්‍ය ජාලය පාලනය කරන ප්‍රබල කල්ලියක් සහ දූෂිත පොලිස් නිලධාරීන් අතර සිද්ධ වෙන දරුණු අරගලයක්. ජලාල් කියන පොලිස් නිලධාරියා මේ මාරාන්තික ජාලයට මැදිහත් වෙන්නේ තමන්ගේම සහෝදරයා නිසා! තමන්ගේ පවුල ආරක්ෂා කිරීම කියන උභතෝකෝටික ගැටලුව මැද ජලාල්ට මුහුණ දෙන්න වෙන ද්‍රෝහීකම් සහ මාරාන්තික අනතුරු දාමය මේ සිනමාපටය පුරාම කුතුහලයෙන් යුතුව බලාගන්න පුළුවන්.
එහෙනම් දැන්ම cinesubz.lk වෙතින් සිංහල උපසිරැසි සහිත වීඩියෝව ඩවුන්ලෝඩ් කරගෙන මේ සුපිරි නිර්මාණය නරඹන්න කියලා ආරාධනා කරනවා. ජයවේවා!

Comments