EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කොමියුනිට්ස්වාදය

කතාව සිද්ධ වෙන්නේ අපි කවුරුත් මුහුණ දීපු “කොරෝනා පළමු ලොක්ඩවුන්” කාලේ කේරළයේ ගම්මානයක. හැමෝම ගෙවල් වලට හිර වෙලා, රස්සාවල් නැති වෙලා, පීඩනයෙන් ඉන්න වෙලාවක ඒ පීඩනය පිට කරගන්න කට්ටිය එකතු වෙන තැන තමයි “ග්‍රවුන්ඩ් එක”. ක්‍රිකට් කියන්නේ නිකන්ම ක්‍රීඩාවක් නෙවෙයි: මේ කතාවේ එන ක්‍රිකට් මැච් එක නිකන්ම විනෝදෙට ගහන එකක් නෙවෙයි. ඒක මේ චරිත වල “ඊගෝ” (Ego) එක නැත්තං “මමත්වය” ගැටෙන තැනක්. වහීද්: රස්සාවේ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න සහ පවුලේ බර ඔලුවේ තියාගෙන ඒක අමතක කරන්න සෙල්ලම් කරන චරිතයක්. බබීෂ් සහ අනිත් අය: පරණ කෝන්තර, දේශපාලන වාද විවාද සහ පුංචි පුංචි පෞද්ගලික තරහවල් මේ ක්‍රිකට් මැච් එක හරහා එළියට දානවා. අලුත් නීති දාන හැටි, රනර්ලා ගැන කරන වාද… මේවා අපි පොඩි කාලේ සෙල්ලම් කරද්දි වෙච්ච දේවල් මතක් කරනවා. කතාවේ ලස්සනම තැනක් තමයි මිනිස්සුන්ගේ දෙපැත්ත පෙන්වන එක. එළියේදී පක්ෂ දේශපාලනය ගැන මරාගත්තට, බඩගිනි වුනාම ඒක අමතක වෙන හැටි. කොරෝනා නීති ගැන ලොකුවට කතා කරාට, තමන්ට ඕනි වුනාම ඒවා කඩන හැටි. මේවා හරිම සියුම් විදිහට (Satire) විවේචනය කරලා තියෙනවා. වහීද් සහ එයාගේ අම්මා අතර තියෙන සම්බන්ධය හරිම සංවේදීයි. වහීද් එළියේ ප්‍රශ්න ගෙදරට ගෙනත් කෑ ගැහුවත්, අම්මා ඒක දරාගෙන එයාට ජීවිතේ ගැන කියලා දෙන පාඩම් හරිම ගැඹුරුයි. “දිනන්නම ඕනි කියලා හිතන එක නවත්තන්න” කියලා අම්මා දෙන උපදෙස මුළු කතාවටම අදාලයි. මේක “මිනිස්සුන්ගේ හිස්කම, පීඩනය සහ බැඳීම්” ගැන කියවෙන කතාවක්. ලොකු ඇක්ෂන් නෑ, ලොකු ට්විස්ට් නෑ. හැබැයි “ගමේ කොල්ලෝ ටිකක් එකතු වුනාම වෙන රණ්ඩුවක්” අස්සේ ජීවිතේ ලොකු පාඩම් ටිකක් කියලා දෙන, හිනා වෙවී බලන්න පුළුවන්, ඒ වගේම පොඩ්ඩක් හිතන්න ඉතුරු කරන ලස්සන නිර්මාණයක් වගේ පේනවා.

Comments