Cast
Go Full Cast Pageපළිගැනීම අතරින් උපන් ආදරය
ආයුබෝවන්, 2026 වසරේ නිකුත් වූ ක්‍රියාදාම, අපරාධ, ආදරය සහ ත්‍රාසය එකට ගෙන එන “DC” චිත්‍රපටය cinesubz.lk ඔස්සේ ඔබට රසවිඳින්න පුළුවන්. IMDb 8.2/10ක ඉහළ අගයක් ලබාගෙන තියෙන මේ දෙමළ චිත්‍රපටය සැප්තැම්බර් 4 සිට සන් NXT ඔස්සේ නිකුත් වුණා. ආදරය, පළිගැනීම, අපරාධ ලෝකය, පොලිස් දූෂණය වගේ කරුණු එකිනෙකට සම්බන්ධ කර නිර්මාණය වී ඇති නිසා “DC” කියන්නේ සාමාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයකට වඩා වෙනස් අත්දැකීමක් ලබාදෙන නිර්මාණයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ “Rocky”, “Saani Kaayidham” සහ “Captain Miller” වැනි වෙනස්ම ආකාරයේ ක්‍රියාදාම චිත්‍රපට හරහා තමන්ගේම අධ්‍යක්ෂණ ශෛලියක් ගොඩනගාගත් Arun Matheswaran. චිත්‍රපටයේ කතාවට පසුබිම් වී තිබෙන්නේ Sarat Chandra Chattopadhyayගේ ජනප්‍රිය “Devdas” නවකතාවයි. තිර රචනය සහ දෙබස් නිර්මාණය Arun Matheswaran සමඟ Franklin Jacob. Franklin Jacob මීට පෙර “Writer” වැනි සමාජීය සහ පොලිස් පද්ධතියේ අඳුරු පැතිකඩ පෙන්වා දුන් නිර්මාණය හරහාත් අවධානය දිනාගෙන තිබෙනවා. මෙහි Devadas හෙවත් Das ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය දමිළ සිනමාපට අධ්‍යක්ෂක Lokesh Kanagaraj. “Master”, “Kaithi”, “Vikram” සහ “Leo” වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු මෙහි ප්‍රධාන රංගන භූමිකාවකින් දැකගන්න ලැබීමත් විශේෂත්වයක්. ඔහු සමඟ Chandra ලෙස Wamiqa Gabbi රංගනයෙන් එක්වන අතර, ඇය “Godha”, “Khufiya”, “Jubilee” සහ “Baby John” වැනි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක්. Parvathi ගේ චරිතය නිරූපණය කරන්නේ “Vadhandhi: The Fable of Velonie” සහ “Lubber Pandhu” වැනි නිර්මාණවලින් හඳුනාගත් Sanjana Krishnamoorthy.
අතීතයේ බරත්, අපරාධ ලෝකය සමඟ ඇති සම්බන්ධතාත් එක්ක ජීවත් වන Devadas හෙවත් Das. ගේ ජීවිතය චන්ද්‍රාගේ පැමිණීමත් එක්ක වෙනස් වෙන්න පටන් ගන්නවා. පළිගැනීමක් සොයන චන්ද්‍රාත්, ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු ජීවිතයකින් මිදෙන්න උත්සාහ කරන දේවදාස් අතර ඇතිවන සම්බන්ධය සරල ආදර කතාවක් විදිහටම ඉදිරියට යන්නේ නැහැ. පොලිස් දූෂණය, අපරාධ පරීක්ෂණ, සොරකම් කළ ආයුධ සහ අපරාධ කණ්ඩායම් අතර ඔවුන් දෙදෙනාටම මුහුණ දෙන්න සිදුවෙන්නේ බරපතළ අභියෝග රැසකට. එක පැත්තකින් නීතියේ නාමයෙන් ඔවුන් පසුපස එන බලවත් පාර්ශ්වයන් සිටින අතර, අනෙක් පැත්තෙන් අපරාධ ලෝකයේ සතුරන්ගෙනුත් ගැලවෙන්න ඔවුන්ට සිදුවෙනවා. මේ සියල්ල අතරින් දේවදාස්ගේ අතීතයත්, චන්ද්‍රා ඔහුගේ ජීවිතයට කරන බලපෑමත් කතාව තවත් උණුසුම් කරනවා. ආදරය, පළිගැනීම, විශ්වාසය සහ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගන්නා තීරණ අතරින් කතාව යන නිසා අවසානය වෙනකම්ම කුතුහලය රඳවාගන්න සමත් වෙනවා.
ඉතින් 2026 වසරේ අලුත්ම ක්‍රියාදාම අත්දැකීමක් විඳගන්න කැමති නම්, Lokesh Kanagaraj ගේ වෙනස්ම රංගනයත් Arun Matheswaran ගේ අඳුරු සිනමා ශෛලියත් එක්ක “DC” අනිවාර්යයෙන්ම බලන්න. චිත්‍රපටය නරඹන අතරතුර කතාවේ හැඟීම් සහ සංවාද වඩාත් හොඳින් රසවිඳින්න cinesubz.lk වෙතින් සිංහල උපසිරැසි සහිත වීඩියෝව ලබාගන්න. ජයවේවා!





