EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

සිරගෙදරක සැඟවුණු මරණවල අභිරහස සොයා…

හලෝ යාලුවනේ! ඔන්න අද මම අරන් ආවේ 1990 වසරේ දි නිකුත් වුණ ජීන්-ක්ලෝඩ් වෑන් ඩෑම් ගේ තවත් එක සුපිරි චිත්‍රපටයක්. මේකේ විශේෂත්වය තමයි පස්සේ කාලෙක “The Dark Knight,” “Blade” වගේ සුපිරි ෆිල්ම්ස් ලියන්න දායක වුණු David S. Goyer තමයි, මේ චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ. එයා මේක ලියලා තියෙන්නේ දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටියදී. ඒ වගේම එයාගේ පළමු වාණිජ තිර පිටපත් මේක.
​කතාව ගැන පොඩ්ඩක්:
ෆිල්ම් එකේ වැන් ඩෑම් රඟපාන්නේ ලුවී බර්ක් කියන රහස් පොලිස් පරීක්ෂකයාගේ චරිතය. කැලිෆෝනියාවේ හිරගෙදරක අභිරහස් විදිහට සිද්ධ වෙන මිනීමැරුම් ටිකක් ගැන හොයන්න මෙයාට සිද්ධ වෙනවා රහසිගතව හිරකරුවෙක් විදිහට ඒ හිරගෙදරටම යන්න.
ඉතිං බර්ක් හිරගෙදර ඇතුලේ හැමදේම ගානට කරගෙන යන අතරේ මේ වැඩේ ගැස්සෙන්නේ මෙයා කලින් අල්ලලා දීපු, සෑන්ඩ්මෑන් කියලා හඳුන්වන දරුණු මිනීමරුවාත් ඒ හිරගෙදරටම ආවට පස්සේ.
සෑන්ඩ්මෑන් බර්ක්ව දැකපු ගමන් එයාගේ අනන්‍යතාවය හෙලි කරනවා. හිරකරුවෝ දහස් ගනනක් ඉන්න තැනක බර්ක් කියන්නේ පොලිස් නිලධාරියෙක් කිව්වම, බර්ක්ට මොන වගේ ඉරණමක් අත් වෙයිද? ඒ වගේම මේ හිරකරුවන්ගේ මරණ පිටි පස්සේ තියෙන ඇත්තම හේතුව මොකක් වෙයිද? බලලම දැනගන්න.
නරඹන්නන්ගේ අවධානයට,
​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,
• දරුණු ප්‍රචණ්ඩත්වය
• අසභ්‍ය වචන
• අඩ නිරුවත් දර්ශන
(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)

Comments