අන්තිම සටන පටන් ගත්තා

අන්තිම සටන පටන් ගත්තා — DEMON SLAYER මේ වෙනකල් ආපු සුපිරිම ANIME MOVIE එකක් අරගෙන ඇවිත්!
අවුරුදු ගාණක් බලන් හිටපු ඒ සුපිරිම මොහොත ඔන්න ඇවිත්. Tanjiro, Nezuko, සහ Hashira ලා ඔක්කොම Muzan Kibutsuji ගේ ඒ භයානක Infinity Castle එක ඇතුළට ඇදලා දාලා තියෙන්නේ. ඒක හරියට ඉවරයක් නැති ලබිරින්ත් (Labyrinth) එකක් වගේ, ලෝකේ ඉන්න දරුණුම ඩිමන්ලා (Demons) එතන බලාගෙන ඉන්නවා. හැමෝම විසිරිලා, කාලයත් එක්ක සටන් කරන ගමන්, Muzan එයාගේ තුවාල සනීප කරගන්න කලින් Upper Rank demons ලාව ඉවරයක් කරන්න Demon Slayer Corps එකට සිද්ධ වෙනවා. මේක තමයි අවසානයේ ආරම්භය. මෙච්චර කල් බැඳුණු හැම බැඳීමක්ම, හැම කැපකිරීමක්ම, හැම training arc එකක්ම ගොඩනැගුණේ මේ මොහොත වෙනුවෙන්. ඒ වගේම ufotable මේක ඇනිමෙ ලෝකේ මෙතෙක් දැකපු සුපිරිම ඇනිමේෂන් වලින් ජීවමාන කරලා තියෙනවා. 🗡️✨
Critics ලා සහ Fans ලා පිස්සුවෙන් වගේ මේක ගැන කතා කරන්නේ 🗣️ ප්‍රතිචාර නම් හිතාගන්න බැරි තරම් සුපිරියි. කතාව, ඇනිමේෂන් සහ ෆයිට්ස් ගැන හැමෝම පුදුම වෙලා කතා කරනවා. මේක නිකන්ම නිකන් ඇනිමෙ ෆිල්ම් එකක් නෙමෙයි, මේ දශකයේ ආපු හොඳම ඇනිමෙ ෆිල්ම් එකක් විදිහටයි හැමෝම සලකන්නේ.
ඔයත් Demon Slayer Corps එකත් එක්ක මෙච්චර දුර ආවා නම්, Infinity Castle කියන්නේ ඔයා බලන් හිටපු ඒ සුපිරිම ත්‍රාසජනක අත්දැකීමයි. නිකන්ම ෆිනාලේ එක බලන්න යන්න එපා — කලින් ඒවයි අඩුපාඩු කවර් කරගෙනම මේක බලන්න ලෑස්ති වෙන්න.
Demon Slayer උපසිරැසි සහ තවත් ඇනිමෙ ගැන අලුත්ම අප්ඩේට්ස් දැනගන්න — අපේ පේජ් එක ෆලෝ කරන්න! 🎥❤️
facebook cinesubz

Comments