Cast
Go Full Cast Pageනැවතත් නිදන් සොයා
බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්රාර්ථනා කරනවා! ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු, හිනාවෙලා බඩ රිදෙන තරමට විනෝදයක් ගෙනාපු බොලිවුඩ් කොමඩි චිත්රපට මාලාවක අලුත්ම දිගහැරුම තමයි අද මම අරගෙන ආවේ. ඔයාලට මතක ඇති මේකෙ තුන්වැනි කොටස වුණු Total Dhamaal (2019) චිත්රපටයටත් උපසිරැසි අරගෙන ආවේ මමමයි. ඉතින් ඒකෙ ඊළඟ කොටස වෙන Dhamaal 4 (2026) චිත්රපටයත් මගහැරගන්න බැරි නිසා ඔන්න ඒකටත් මම උපසිරැසි අරගෙන ආවා.
මෙවර කතාව ආරම්භ වෙන්නේ වෘත්තීය මුහුදු කොල්ලකරුවෙකු වන අධූරා විසින් ශෙයිතාන් සිංගේ නිධානයක් හොයාගන්න පෘථිවිව තමන්ගේ නැවේ සිරකරගන්නා තැනින්. හැබැයි අත්වැරදීමකින් නිධන් සිතියම ගිනිගෙන විනාශ වුණත් පෘථිවිට ඒකෙ පිහිටීම හොඳට මතකයේ තියෙනවා. මේ අතරවාරයේදී පෘථිවිව හොයාගෙන එන ගුඩ්ඩු, අධූරාගේ කල්ලියත් එක්ක පැටලෙන්න ගිහින් ලොකු ජරමරයක් ඇතිවෙනවා. කොහොමහරි මේ ගැටුම අස්සේ නැව පුපුරා ගියත් ගුඩ්ඩු යන්තම් දිවි ගලවා ගන්නවා.
මේ අතරේ තවත් අපූරු කණ්ඩායම් කිහිපයක්ම තමන්ගේ ප්රශ්න විසඳගන්න විවිධ ගමන්වල යෙදෙනවා. පෙම්වතියගේ දරුවන්ගේ හිත දිනාගන්න විනෝද චාරිකාවක් යන ගුඩ්ඩු, ධනවත් තරුණියක් කියලා රැවටිලා පාරෝව විවාහ කරගත්තු ලල්ලන්, වගේම සහෝදරයා මානව්ගේ මෝඩ වැඩ නිසා බිරිඳව අහිමි වෙන්න යන ආදි යන මේ හැමෝම අහඹු විදියට එකම තැනකදී මුණගැහෙනවා. ඒ මුණගැහීමත් එක්ක මේ කට්ටියටම අර කියපු රහසිගත නිධානය ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් මේ හැමෝම එකතු වෙලා නිධානය හොයාගෙන යන ගමනේදී මොන වගේ විහිළු සහගත අකරතැබ්බවලට මුහුණ දෙයිද? අන්තිමේදී කාට නිධානය අයිති වෙයිද?
හිනාවෙලා විනෝද වෙන්න කැමති හැමෝටම මේ චිත්රපටය නරඹන්න කියලා මම ආරාධනා කරනවා.




