EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Disclosure Day (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Steven Spielberg
Year:2026
Subtitle By: CineMX කණ්ඩායම (cinemx.lk)
Country: United States, Canada, New Zealand, Japan
Cast
Go Full Cast Pageලෝකය උඩුයටිකුරු කළ පිටසක්වළ රහස
මාග්‍රට් කියන්නේ සාමාන්‍ය කාලගුණ නිවේදිකාවක්. හැබැයි එකපාරටම ඇයට නොසිතූ විදියට පිටසක්වළ බලවේගයක් එක්ක මානසික සන්නිවේදනයක් (Telepathic connection) ගොඩනැගෙනවා. ඒ නිසා ලෝකයේ ඕනෑම භාෂාවකින් කතා කරන්නත්, මිනිස්සුන්ගේ රහස් කියන්නත් ඇයට පුදුම හැකියාවක් ලැබෙනවා.
මේ අසාමාන්‍ය සිදුවීමත් එක්ක ඩැනියෙල් කියන සයිබර් ආරක්ෂක විශේෂඥයා ඇයට එකතු වෙන්නේ දශක ගාණක් තිස්සේ ලෝකයෙන් හංගලා තිබුණු පිටසක්වළ ජීවීන්ගේ රහස එළියට ගන්නයි. හැබැයි ‘WARDEX’ කියන රහසිගත ආයතනයේ ප්‍රධානියා (Colin Firth) මේ සත්‍යය ලෝකයට හෙළි වෙන එක නවත්තන්න ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙනවා.
පිටසක්වළ ජීවීන් මිනිස්සුන්ට තර්ජනයක් කියලා පෙන්නලා මේ සත්‍යය යටපත් කරන්න ඔවුන් හදද්දී, මාග්‍රට් සහ ඩැනියෙල් එකතු වෙලා සැබෑ සත්‍යය සමාජයට හෙළි කරන්න ලොකු අරගලයක් කරනවා.
Steven Spielberg ගේ අධ්‍යක්ෂණයෙන් එන මේ චිත්‍රපටය Action, Drama සහ Mystery ගණයට අයිති වෙනවා. Colin Firth, Emily Blunt සහ Josh O’Connor වැනි ප්‍රකට නළු නිළියන් රැසක් රඟපාන මේ නිර්මාණය, කුතුහලය සහ ත්‍රාසය පිරි වෙනස්ම විදියේ සිනමා අත්දැකීමක්.











