Cast
Go Full Cast Pageසුබ්බු සඟවන රහස මොකක්ද?
මේ වසරේ නිකුත් වුණු, IMDB ලකුණු 8.1ක් හිමි “ඩොරති” කියන්නේ නිකන්ම බලලා අමතක කරලා දාන්න පුළුවන් චිත්‍රපටයක් නෙවෙයි. “පීසා”, “ජිගර්තණ්ඩා” වගේ වෙනස් විදිහේ සිනමා නිර්මාණ අපිට ගෙනා කාර්තික් සුබ්බරාජ්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ දෙමළ චිත්‍රපටයේ කීර්ති සුරේෂ්, සනාන්ත් සහ රිෂිකාන්ත් ප්‍රධාන චරිතවලින් අපූරු රංගනයක යෙදෙනවා. මිතුදම, ආදරය, කුල භේදය සහ මිනිස්කම එකට ගැටෙන මේ කතාව හිතට තදින්ම දැනෙන කතාවක්.
ගමේ කුල භේදයත් පිරිමි අහංකාරකමත් මැද එකට හැදී වැඩෙන කාර්ති සහ සුබ්බු කියන්නේ පුංචි කාලේ ඉඳන් වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්. ඒත් ඩොරතිගේ පැමිණීමත් එක්ක මේ දෙන්නාගේ ජීවිතේ හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වෙනවා. සුබ්බු මෙච්චර කාලයක් ලෝකයෙන් සඟවාගෙන හිටපු ඇත්ත අනන්‍යතාවය හෙළිවෙද්දී, පවුලේ ගෞරවය රැකගන්න කියලා කාර්තිට තමන්ගේම හොඳම යාළුවාව මරා දමන්න නියෝග ලැබෙනවා. යාළුකමද, පවුලේ බලපෑමද, නැත්නම් තමන්ගේ හෘද සාක්ෂියද? මේ තුන අතර හිරවෙන කාර්තිගේ ඉදිරි ගමන කොයි පැත්තට හැරෙයිද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
එසේනම් cinesubz.lk වෙත ගොඩවෙලා සිංහල උපසිරැසි සහිත වීඩියොව ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳින්න කියා ආරාධනා කරනවා.
ජයවේවා!











