EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

හරි එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඉන්දුනීසියාවෙන් ආපු අලුත් Horror ෆිල්ම් එකක් ගැනයි! 👻 ඒ තමයි Dosa Musyrik (2024)! මේකේ වර්ගය? Drama + Horror — ඒ කිව්වේ අද්භූත දේවල්වලට බය හිතෙන ගමන් හැඟීම්බර වෙන විදිහේ ෆිල්ම් එකක්! 😰
නූගි (Nugie) කියන්නේ ණය කන්දක හිරවෙලා, ජීවිතේ ගැටගහගන්න හැමදාම අරගල කරන කෙනෙක්. එයාගේ අම්මා ඉන්නේ බරපතල අසනීපයකින්. බෙහෙත් ගන්න විදිහක් නැහැ, රෝහල් බිල් ගෙවන්න විදිහක් නැහැ — ඉතින් කිසිම කරකියාගන්න දෙයක් නැති වුණු නූගි තීරණය කරනවා ‘ම්බාහ් නාර්තෝ’ (Mbah Narto) කියන බලගතු යකැදුරෙක් (shaman) ළඟට යන්න! 🌑
ඒ යකැදුරා ළඟ තියෙන මායා බලයන්, පෞරාණික කිනිස්සක් (keris) වගේ දේවල් දකිද්දී… නූගිට පුංචි කෑදරකමක් ඇති වෙනවා. “මේ නිධානය ගත්තොත් මගේ ප්‍රශ්න ඔක්කොම ඉවරවෙයිද?” කියලා එයා හිතනවා. ඒ ගත්තු තීරණය එයාගේ ජීවිතේම වෙනස් කළා — නෙවෙයි, අපායම තමන්ගේ ගෙදරට ගෙනාවා! 😱
නූගිට ලැබුණේ සල්ලි නෙවෙයි — ‘නි ලෝරෝ පටි’ (Ni Loro Pati) කියන භයානක අද්භූත ආත්මයේ සාපය! එතන ඉඳලා නූගිට ආපු භීතිය එයාට විතරක් සීමා වුණේ නැහැ — එයා වටේ ඉන්න අය එකින් එක්කෙනාටත් මරණය ළං වෙන්න පටන් ගත්තා! 💀
හොඳ කතාවක් එක්ක යන වෙනස්ම විදිහේ Horror ෆිල්ම් එකක් බලන්න ආස අය මේක මගහැරගන්න එපා! 🔥
🎬 අලුත් චිත්‍රපට, TV series අප්ඩේට්ස් ඉක්මනටම දැනගන්න අපේ Facebook පිටුවට එකතු වෙන්න අමතක කරන්න එපා! 👉 https://www.facebook.com/cinesubzmovie
Like කරලා, Share කරලා යාලුවන්ටත් කියන්න! ❤️

Comments