EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඔන්න ඉතින් Horror රසිකයන් වෙනුවෙන් 2025 වසරේ නිකුත් වුණු,අලුත්ම චිත්‍රපටයක් ගැනයි අද අපි කතා කරන්නේ. මේකේ නම “Escape to Hell”.
අඩු පිරිවැයකින් (Low budget) නිර්මාණය වුණු Indie චිත්‍රපටයක්
කතාව කෙටියෙන් (The Plot) කතාව පටන් ගන්නේ ඇමරිකාවේ Kentucky ප්‍රදේශයේ කඳුකර සිරගෙදරකින් පැන යන සිරකරුවන් දෙදෙනෙකුගෙන්. ඔවුන් නමින් එඩ් (Ed) සහ ඇනා (Anna). පොලිසියෙන් බේරෙන්න දුවන මේ දෙන්නා නොදැනුවත්වම ඇතුළු වෙන්නේ අත්භූත වනාන්තරයකට.
සිරගෙදරින් පැන ගත්තා වගේ ලේසියෙන් මේ කැලයෙන් බේරිලා යන්න ඔවුන්ට ලැබෙන්නේ නැහැ. මොකද ඒ වනාන්තරය ඇතුළේ ලේ පිපාසිත මායාකාරියකගේ (Witch spirit) ආත්මයක් සැරිසරනවා. පළිගැනීමේ චේතනාවෙන් ඉන්න මේ ආත්මයෙන් බේරිලා පණ බේරාගන්න මේ දෙන්නා කරන සටන, චිත්‍රපටය අවසානය දක්වාම ඔබව කුතුහලයෙන් තබා ගනීවි. 💀
විනාඩි 75ක් වැනි කෙටි කාලයකින් නිමවෙන නිසා කතාවේ කිසිම කම්මැලි ගතියක් නැහැ.
අඩු බජට් එකකින් වුණත් අධ්‍යක්ෂවරයා ඉතා හොඳ උත්සාහයක් ගෙන තිබෙනවා.
අලුත්ම චිත්‍රපට සහ ටීවී සීරීස් ගැන දැනගන්න අපේ Cinesubz Facebook Page එකටත් Like එකක් දාලා සෙට් වෙන්න🎃🔔

