EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageසැගවුණු රහස
ඔන්න එහෙනම මම අද අරගෙන ආවේ අළුත්ම මලයාලම් Thriller film එකක්..මලයාලම් ෆිල්ම් ගැන ඉතින් ආයෙත් කියන්න ඕනේ නෑනේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ෆිල්ම් එක පටන් ගන්නේ නිත්‍යා කියන කෙල්ල ගෑස් ලීක් වෙලා අනතුරකින් පස්සේ හොස්පිට්ල් එකේ ඉන්න සීන් එකකින්..ඉතින් වැඩේ කියන්නේ මෙයාට අනතුරින් පස්සේ ඊට කලින් වෙච්ච දේවල් කිසිම දෙයක් මතක නැති වෙනවා..ඒ වගේම මෙයා ඒ ගෙදර ජීවත් වෙලා තියෙන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක..ඉතින් මෙයාට ඔළුව වැදිලා අනතුර නිසා වෙච්ච අව්ලක් නිසා මෙයාට හැම පිරිමියෙක්වම පේන්නේ මෙයාගේ බෝයිෆ්‍රෙන්ඩ් මයිකල් විදියට..අනතුරින් පස්සේ මයිකල්ට වෙච්ච දේකුත් නෑ..එයා අතුරුදහන්..නිත්‍යාට මුකුත් මතකත් නෑ..ඉතින් මෙතනින් එහාට මේ ෆිල්ම් එකේ සැගවුණු රහස් ගොඩක් තියෙනවා..මයිකල්ට මොකද්ද වුණේ ???? නිත්‍යාට මතකය ආපහු එයිද ???? ඊටපස්සේ සැගවුණු රහස් ඔක්කොම එළි කරන්න පුළුවන් වෙයිද ???? මේ හැම සැගවුණු රහසක්ම ඔයාලටත් දැනගන්න ඕනෙනම් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරි ෆිල්ම් එක බලන්න හැමෝම..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..


