නොසිතූ අනතුරක් ! නොපැතූ ඉරණමක් ! II [100*]

උණු උණුවෙම ඔයාලට අරගෙන ආවේ සැප්තැම්බර් 2 ඉඳන් සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ වුනු , අද ඒ කියන්නෙ ඔක්තෝබර් 2 ඩිජිටල් රිලීස් වුනු Fall 2: Deadpoint (2026) ෆිල්ම් එක. Fall (2022) ෆිල්ම් එක බලපු නැති අය මේ ෆිල්ම් එක බලන්න කලින් අනිවාරෙන්ම ඒ ෆිල්ම් එක බලලා ඉන්න කියලා ඉල්ලනවා.. මොකද කෙලින්ම මේ කතාවට ඒක සම්බන්ධ වෙන හින්දා..
ඔයාලට මතක ඇති පලවෙනි ෆිල්ම් එකේ බෙකී, හන්ටර් කියන යාලුවො දෙන්නා අඩි දෙදාහක් විතර උස කුළුනක් නගින්න ගියා.. ඒ ගමන ඉවර උනේ හන්ටර්ගෙ ජීවිතේ පවා නැති වෙලා.. මේ දෙවෙනි ෆිල්ම් එක පටන් ගන්නෙ ඒ ෆිල්ම් එකෙන් ටික කාලෙකට පස්සෙ.. කුලුනෙන් වැටිලා මිය ගිය හන්ටර් සෝශල් මීඩියාවල “ෆෝල් ගර්ල්” (වැටුනු කෙල්ල) නමින් සෑහෙන ජනප්‍රිය වෙලා.. එයාලා කුලුනෙ නැගලා ගත්තු අර වීඩියෝස්, ෆොටෝස් හැමතැනම ශෙයා වෙනවා.. ඒ අතරෙ හන්ටර්ගෙ නංගි ජැක්ස් හන්ටරෙගෙ වාහනේ ඇතුලු බඩු සේරම ඔන්ලයින් විකුණන්න දානවා.. ඒ වගේම එයා ගොඩක් හිතේ අවුලෙන් ඉන්නෙ අන්තිමට එයාට හන්ටර්ව හම්බුන වෙලාවෙ උන රණ්ඩුවක් හින්දා.. ඒ වගේම ජැක්ස් හිතන් ඉන්නෙ බෙකී තමයි හන්ටර්ගෙ මරණෙට වග කියන්න ඕනි කියලා.. ඔන්න ඉතින් ඒ අතරේ එයාව හොයාගෙන එනවා හන්ටර්ගෙයි, බෙකීගෙයි පරණ යාලුවෙක්.. ඒ තමයි ලූස්.. ලූස් දකිනවා හන්ටර්ගෙ බකට් ලිස්ට් එක තියෙන පොත.. ඒකෙ තියෙනවා තායිලන්තෙ ක්වාන් කියන කන්දේ තියෙන ප්ලෑන්ක් වෝක් එකක් එහෙම නැත්නම් ලෑලි මාවතක ඇවිදීමක් ගැන.. පලවෙනි ෆිල්ම් එකේ කුලුනෙ උස අඩි දෙදාහයි.. මේ පාර ඒ ප්ලෑන්ක් වෝක් එක තියෙන්නෙ අඩි හාරදාහක් උඩින්.. කොහොමද නේහ්.. කොහොම හරි ලූස්, ජැක්ස්ව කැමති කරගන්නව මේ ගමන යන්න.. ඉතින් එතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලටම බලන්න මං ඉඩ දෙන්නම්..
පලවෙනි ෆිල්ම් එකට වඩා අඩු ප්‍රතිචාර තමයි මේ දෙවෙනි කොටසට නම් දැනට ලැබිලා තියෙන්නෙ.. ඒ IMDB මීටරේ 5.6 ක්.. මට තේරෙන විදියට නම් කැමරා ඈන්ගල් වල පොඩි අවුලක් තිබුනා, මොකද පලවෙනි ෆිල්ම් එකේ තරම් උස කියන දේ ගැන මේ ෆිල්ම් එකේදි අවධානයක් දීලා නෑ වගේ කියලා මට හිතුනා.. කොහොම උනත් එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් ෆිල්ම් එකක්.. මගෙත් යටි පතුල් නිකම් පණ නෑ වගේ දැනුනා සමහර තැන් වල..මේක ඩිරෙක්ට් කරලා තියෙන්නෙ පලවෙනි ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු Scott Mann නෙමෙයි.. Spierig සහෝදරයෝ.. එයාලා දෙන්නා තමයි Predestination (2014) කියන ජනප්‍රිය ෆිල්ම් එක ඩිරෙක්ට් කලේ.. නළු නිළියො විදියට Harriet Slater, Arsema Thomas, Tom Brittney වගේ අය දායක වෙනවා..

Comments

October 8, 2026

Good

October 9, 2026

බිලී කරේ මෝඩ වැඩක් කියල හිතෙනවා..😪
ජැක්ස් කරෙත් බෝතලේ dealers ලට දීලා ගියපු එකනේ..
බිලීත් පාඩුවෙ හිටියා නම් 🙃💔

October 9, 2026

superb. thank you

October 11, 2026

දානකල් හිටියේ අද download කරලා හෙට හවස බලනවා ❤️😍