නපුරට එරෙහි සටන

IMDB දර්ශකයේ 5.8 ක අගයක් මේකට හිමිවෙලා තියෙනවා. Action, Crime බලන්න ආස අයටනම් අනිවාරෙන් සෙට් වෙන එකක් මේක. මොකද චීන චිතපටවල තියෙන hand to hand fighting, martial arts වගේ දේවල් හොලිවුඩය පවා අනුගමනය කරනව අපිට බලාගන්න පුලුවන්. ආයෙ කතා කරල වැඩක් නෑ මේකෙත් සුපිරිම action sequences බලාගන්න පුලුවන්.
මේක direct කරන්නේ Qin Peng Fei විසිනුයි. කාස්ට් එක විදිහට චීනය බිහි කරපු දක්ෂ actor කෙනෙක් වගේම real life martial artist කෙනෙක් වෙන Mo Tse ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. Zhang Haosen සහ Jing Wu කියන නළු නිළියන් ද මේකෙදි දැකගන්න පුලුවන්.
මේකේ කතාව පැත්තට ගියොත් වැරදි කරන අයට කිසිම ගැලවීමක් නැති ලී හොංකී කියන අති දක්ෂ පොලිස් නිළධාරියෙක් වටා තමා ගෙතෙන්නේ. ඉතිං මෙයාට හැප්පෙන්න තියෙන්නෙ ඉතාම ප්‍රබල පාතාල කල්ලියක් එක්ක. ඉතින් හැමෝටම ආරාධනා කර සිටිනවා මේකත් මග නොහැර රසවිඳින්න කියලා.
දෙවෙනි කොටසටත් මම උපසිරැසිය අවසන් කරල තියෙන්නෙ. ඒකත් ඉක්මන්ටම upload වෙනවා.. හැමෝටම ජය!

Comments