EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

This flight goes nonstop to hell.

බැංකොක් වල ඉන්න රහස් පරීක්ෂකයෙක්ට අමුතුම ආකාරයේ වැඩක් කරන්න සිදුවෙනවා. මේක නොදන්නා කෙනෙක්ව හොයාගන්න. ඇත්තටම රජයේ ආයතන කිසිම එකක් මේ හොයන කෙනා කවුද කොයි වගේද කියලා දන්නේ නෑ. කිසිම පින්තූරයක්වත් කා ළඟවත් නෑ. හැබැයි, ආරක්ෂක කැමරා වල සටහන් වෙලා තියෙන්නේ බොඳවුණු පින්තූර. මේකෙන් මෙයා කවුද කියලා හොයාගන්නේ කොහොමද?
චිත්‍රපටිය පටන්ගන්නේම හරිම විකාර විදියට. ගුවන්යානයක් ඇතුලේ දෙනෝ දාහක් දෙනා එකිනෙකා එක්ක සටන් කරගන්නවා. ඒ අතරේ ගුවන්යානය පුපුරනවා. මේකේ ඇතුලේ අපේ කතා වීරයාත් ඉන්නවා. එතකොට, අර හොයන්න යන භූතයා කවුද? එයාව හොයාගන්න පුලුවන්ද? අපේ වීරයා, ලූකස්ට එයාගේ සාමාන්‍ය ජීවිතය ලබාගන්න නම්, මේ භූතයාව පණපිටින් බාරදෙන්නත් තියෙනවා.
මේ කතාව තියෙන්නේ Fight or Flight චිත්‍රපටියේ. 2025-02-28 වෙනිදා නිකුත් කෙරුණු චිත්‍රපටියක් වුණාට, සමහර තැන් වල සඳහන් වුනේ 2024 අවුරුද්දේ චිත්‍රපටියක් විදියට. හැබැයි, ගොඩාක් දෙනාට මඟහැරුණු චිත්‍රපටියක් විදියට මට නම් පේන්නේ. action comedy වලට ආස අයට නම්, මේක අනිවාර්යයෙන්ම බැලිය යුතු චිත්‍රපටියක්.
James Madigan තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. Brooks McLaren විසින් රචනා කරපු කතාවක් තමයි මේ චිත්‍රපටියකට නගලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වුනා Josh Hartnett (ලූකස්), Charithra Chandran (ඊෂා), Katee Sackhoff (බ්‍රන්ට් ), Julian Kostov (හන්ටර්) ඇතුලු පිරිසක්. මෙයාලාගේ හාස්‍ය සහ ත්‍රාසජනක සටන් එක්ක චිත්‍රපටිය පුදුම විදියට එක දිගට බලාගෙන යන්න පුලුවන් තැනකට ගෙනල්ලා තියෙනවා.
ආදායම් අතිනුත් සාර්ථක වෙලා තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය ඩොලර් මිලියන 4.3ක් හොයාගෙන කියලා තමයි ආදායම් වාර්ථා වල තියෙන්නේ.
එහෙනම් හැමෝම එකතු වෙලා, මේ ලස්සන චිත්‍රපටිය මේ සිංහල උපසිරැසියත් එක්ක නරඹන්න.

Comments