EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageභුමිය වෙනුවෙන් සටන් වැදුණු පල්ලියේ මැරයා
මේ ෆිල්ම් එක Comedy/Drama ගනයට තමයි අයත් වෙන්නෙ, IMDb අගය 6.8 කුත් කුණු තක්කාලි 67% ක අගයකුත් ලබා ගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 16 කට ආසන්න වියදමක් මේ ෆිල්ම් එක වෙනුවෙන් දරලා තියෙනවා. ප්‍රධාන නළු නිළියනෙ වශයෙන් Jesse Garcia, Annie Gonzalez, Dennis Haysbert, Tony Shalhoub, Emilio Rivera, Vanessa Martinez ආදී නළු නිලියන් එක් වෙලා තියෙනවා.
ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්……මේක අපිට නිතරම දකින්න ලැබෙන විදියේ සාමාන්‍ය කතාවක් නෙවෙයි. හැමෝම ආසාවෙන් කන, දැක්කත් කටට කෙළ උනන සුපිරි කෑමක් ලෝකෙට බිහි වුණු හැටි ගැන කියවෙන නියම කතාවක්! ඒ වගේම මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නෙ සත්‍ය ජීවිත කතාවක්!
අපේ කතාවේ ප්‍රධානියා තමයි රිචඩ් මොන්ටනෙස්. මෙයා වැඩ කරන්නේ ප්‍රසිද්ධ කොම්පැනියක සාමාන්‍ය සුළු සේවකයෙක් විදියටයි. හැබැයි ඉතින් මෙයා හැමදාම අතුගාලා, සුද්ද පවිත්‍ර කරලා නිකන් ඉන්න හිතපු කෙනෙක් නෙවෙයි. මුළු කොම්පැනියම ලොකු අර්බුදයකට වැටිලා, වහන්න යන මට්ටමට එද්දී අපේ මේ සාමාන්‍ය සේවකයාට අපූරු අදහසක් එනවා.
මොකක්ද දන්නවද ඒ අදහස? තමන්ගේ මෙක්සිකානු සංස්කෘතියේ තියෙන සැර, කුළුබඩු රස කලවම් කරලා අලුත්ම විදියේ චිප්ස් එකක් හදන්න මිනිහා තීරණය කරනවා. කිසිම උගත්කමක්, ලොකු පසුබිමක් නැති සාමාන්‍ය මිනිහෙක් තමන්ගේ ආත්ම විශ්වාසයයි, අමුතුම අදහසකුයි විතරක් පාවිච්චි කරලා මුළු ලෝකයම හොල්ලපු, බිලියන ගණනක බිස්නස් එකක් තනිවම ගොඩනගපු හැටි මේ කතාවෙන් ලස්සනට බලාගන්න පුළුවන්…
එහෙනම් මේ ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.











