මතකයන් අමතක වන දූපත

ලෝකප්‍රකට DreamWorks Animation සමාගමෙන් 2026 වසරේදී එළිදැක්වුණු අපූරු සිනමා පටයක් තමයි Forgotten Island කියන්නේ. පිලිපීන ජනප්‍රවාද සහ පුරාවෘත්ත පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙමෙ චිත්‍රපටය ත්‍රාසය, හාස්‍යය සහ මිත්‍රත්වයේ අරුත මනාව කැටි කරගත් නිර්මාණයක් ලෙස විචාරක පැසසුමට ලක්වී තිබේ.
කතාව ගැන:
යොවුන් වියේ පසුවන මිතුරන් දෙදෙනෙකු වන ජෝ සහ රයිසා අහම්බෙන් වගේ පුරාවෘත්තවල පමණක් සඳහන් වන “නකලි” නම් දූපතක ඇතුල් වෙනවා. මේ අරුම පුදුම දූපතට ඇතුල් වුණ එයාලට දැනගන්න ලැබෙනවා මේ දූපතේ ආපහු යන්න නම් එයාලගේ විශේෂ මතකයන් හුවමාරු කිරීමක් කරන්න ඕන කියලා. යම් විදිහකින් ඔවුන් දූපතෙන් පිටව ගියොත් ඔවුන්ට එකිනෙකාව අමතක වෙනවා.
IMDB – 7.6
Rotten Tomatoes – 95%
Duration – 1h 48mins
ඉතින් මේක ඇතුලේ තව තව රස කතා තියෙනවා. ඔයාලම බලන්නකෝ කාලෙකින් ආපු සුපිරියි කියන්න පුලුවන් ඇනිමේෂන් චිත්‍රපටයක්. කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්.

Comments