ඉන්දියාවේ එඩිසන්ගේ නොනවතින සිහිනය

ආයුබෝවන් , cinesubz.lk වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා.අද අපි ඔයාලට අරගෙන ආවේ 2026 වසරේ නිකුත් වුන “ජී.ඩී.නායිඩු” කියන චරිතාපදාන සිනමා පටයයි. මේ කතාව ඉන්දියාවේ 20 වන සියවසේ ජීවත් වුන “ඉන්දියාවේ එඩිසන්” කියලා මිනිස්සු ආදරෙන් කතාකරපු නිපැයුම්කරුවෙක් සහ කාර්මික ව්‍යවසායකයෙක් වුනු ගෝපාලස්වාමි දොරෙයිස්වාමි නායිඩු කියන ව්‍යාපාරිකයාගේ ජීවිත කතාව මූලික කරගෙන නිර්මාණය වෙච්ච එකක්. සාමන්‍යය ග්‍රාමීය පවුලක උපත ලබලා හරියමන් අධ්‍යාපනයක්වත් නැතුව තමන්ගේ කුතුහලයයි නිර්මාණශීලිත්වයයි පමණක් පාවිච්චි කරලා ජීවිතේ ජයගත්ත තරුණයෙක්ගේ කතාවක් මේක. කෙනෙක්ට නිවැරදි දැක්මක් තිබ්බානම් මොන බාධකය ආවත් ඒවා පසු කරලා තම සිහිනයට යන්න පුලුවන් කියන එක තමයි මේ කතාවේ පරමාර්ථය. ඒ අපරිමත සිහිනය කරා එයා ගිය ගමනේදී එයාගෙ හතුරන් විසින් එයාව වැරදකාරයෙක් , වංචාකාරයෙක් සහ ත්‍රස්තවාදීයෙක් ලෙස නින්දා අපහාස කලත් ඒ සියල්ල බිද හෙලලා ජනතාව වෙනුවෙන් වැඩ කරල , දේශය වෙනුවෙන් මහන්සි වෙලා , දුගීන් වෙනුවෙන් අවසන් වෙනකන් ජීවත් වුන කෙනෙක් තමයි ජී.ඩී.නායිඩු කියන්නේ. එතුමා එදා ආරම්භ කරපු සේවාවන් නිසා අදටත් දහස් ගනන් මිනිසුන්  ප්‍රතිලාභ ලබනවා , ඉතින් මේ චිත්‍රපටය බලලා ඉවර කෙරුවහම , ඔයාලාට අධිෂ්ඨානය සහ කැපවීම තිබුනොත් ඕනිම සිහිනයක් සැබෑ කරගන්න පුලුවන් කියන එක තේරෙයි. එහෙනම් මේ චිත්‍රපට බලලා විනෝද වෙන්න , තවත් සුපිරි  චිත්‍රපටයකින් අපි ආයෙත් හමුවෙමු

Comments

September 11, 2026

Good