පැහැරගත් දියණිය සොයා යන අන්ධ මව!

ඔන්න අද අපි ඔබ වෙත රැගෙන ආවේ ක්‍රියාදාම සහ කුතුහලයෙන් ‘GANDHARI’ චිත්‍රපටයයි. 2026 වසරේ සුපිරිම Action, Thriller සහ Drama ගණයේ නිර්මාණයක් ලෙස කරළියට පැමිණි මෙම සලරුව සුප්‍රකට NETFLIX ඔස්සේ නිකුත් වුණා. මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ‘Ajji’, ‘Bhonsle’ සහ ‘Joram’ වැනි විශිෂ්ට සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂක පැසසුමට ලක්වූ දක්ෂ අධ්‍යක්ෂ Devashish Makhija විසින්. මෙහි තිර රචනය සහ නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ ‘Haseen Dillruba’, ‘Phir Aayi Hasseen Dillruba’ සහ ‘Do Patti’ වැනි සුප්‍රකට සුපිරි හිට් නිර්මාණ අප වෙත දායාද කළ දක්ෂ ලේඛිකා Kanika Dhillon විසිනුයි. ප්‍රධාන නිළිය ලෙස සුපිරි බොලිවුඩ් තරුවක් වන Taapsee Pannu රංගනයෙන් දායක වන අතර, ඇය මීට පෙර ‘Thappad’ සහ ‘Pink’ වැනි චිත්‍රපට හරහා තම රංගන ප්‍රතිභාව මැනවින් ඔප්පු කර පෙන්වා තිබෙනවා.
කතාව ගෙතී තිබෙන්නේ ආදරණීය මවක් වටායි. ඇය තම සැමියා සහ කුඩා දියණිය වන මිෂ්ටි සමඟ ජයිපූර්රා නම් ප්‍රදේශයක සංචාරයක නිරත වන අතරතුර, ජනාකීර්ණ දුම්රිය ස්ථානයකදී ඇගේ දියණියව කිසිවෙකු විසින් පැහැර ගනු ලබනවා. මෙම පැහැරගැනීම වළක්වා ගැනීමට යාමේදී සිදුවන දරුණු ප්‍රහාරයක් හේතුවෙන් බානිට ඇගේ පෙනීම පවා අහිමි වනවා. නමුත් තම දියණිය කෙරෙහි ඇති මව් සෙනෙහස සහ දැඩි කැපවීම නිසා ඇය කිසිසේත්ම පසුබට වන්නේ නැහැ. අන්ධභාවයට පත්ව සිටියද, ඇය තනිවම තම දියණිය සොයා භයානක ළමා ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සටන් වදින්නට තීරණය කරනවා. ඇයට තම දියණිය බේරා ගැනීමට හැකි වෙයිද යන්න දැන ගැනීමට නම් ඔබට චිත්‍රපටිය බලන්නම වෙනවා.
‍එසේ නම් cinesubz.lk වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි සහිත වීඩියෝව ලබාගෙන මෙම සිනමා පටය නරඹන ලෙස අප ඔබට ආරාධනා කර සිටිනවා. ජය වේවා!

Comments