ගොඩ්සිලා සමඟ සටනට මෙකාගොඩ්සිලා

මම අද අරගෙන ආවෙ ගොඩක් දෙනෙක්ට මඟගැරුනු කවුරුත් දන්න ගොඩ්සිලාගෙ තවත් එක් සුපිරි ජපන් චිත්‍රපටියකටයි. හැබැයි ඉතින් මේකෙත් ඉන්නෙ ගොඩ්සිලා, හොලිවුඩ් ගොඩ්සිලා වගේ වීරයෙක් නම් නෙමේ, ඔයාල Monster Films Fansල නම් ජපන් ගොඩ්සිලා ගැන දන්නවනේ, ඔක්කොම විනාස කරනවා. 2002 දී Masaki Tezuka හදපු මේ චිත්‍රපටය, Millenium era එකේ Godzilla films වලින් හොඳම එකක්. IMDb අගය 6.6 ක් ද, Rotten Tomatoes අගය 72%ක් ලබා ගන්න මේ චිත්‍රපටයට ගැකි වෙලා තියෙනවා.
කතාව පැත්තට හැරුනොත්,
Godzilla ගේ ප්‍රහාර නවත්තන්න, Japan Self-Defense Force එක අලුත් plan එකක් හදනවා. ඒ 1954 (ගොඩ්සිලා පළමු චිත්‍රපටය) දී මියගිය පළමු Godzilla ගේ ඇටසැකිල්ල අරගෙන, ඒකෙන් සුපිරි රොබෝවෙක් හදනවා. ඒ අපි හැමෝම දන්න Mechagodzilla.හැබයි මේ Mechagodzillaට ජපානෙන් අලුත් නමක් දානව Kiryu කියලා.
Kiryu ව operate කරන්නේ මිනිස්සු ඇතුලේ ඉඳන් නෙවෙයි, දුර ඉඳන් ජෙට් යානා වලින්. කොහොමහරි ගොඩ්සිලයි, කිරියුගෙයි පළමු සටන පටන් ගද්දිම කිරියු පිස්සු නටන්න අරගෙන නගරයෙන් භායක්ම විනාශ කරනවා. ඒ ඇයි ? කිරියු ගොඩ්සිලා එක්ක එකතු වෙයිද? නැත්තම් ගොඩ්සිලා පරාද කරයිද? එහෙනම් අනිවාරෙන්ම ෆිල්ම් එක බලන්න. Fight scenes වේගවත් Suitmation නිසා ඇත්තටම ලොකු සත්තු දෙන්නෙක් ගහගන්නවා වගේ feel එකක් එනවා. මේ ෆිල්ම් එක පරණයි කියල අතාරින්න එපා. මොකද මේක 2002 ආපු එකක්නෙ. කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
ඔයා Godzilla fan කෙනෙක් නම්, Mecha fan කෙනෙක් නම්, නැත්තන් හොඳ sci-fi action film එකක් හොයන කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන් මේක බලන්න. මේ කොටසින් සම්පූර්ණ කතාවම ඉවර වෙන්නෙ නෑ. ඊළඟ කොටසටත් උපසිරැසි ඉක්මණටම අරගෙන එන්නම්……….

Comments